"අපි දැන් මොකද කරන්නෙ." මගෙන්ම මම අහපු ප්රශ්නෙ සතුර්ක මගෙන් අහන එක හුදෙක් ජෝක් එකක් වෙලා ගියා. කකුල් වෙව්ලන බයකින් වෙව්ල වෙව්ල ඉද්දි මගෙ ප්ලෑන් b එක කොච්චර සක්සස් වෙයිද කියන්න මම ඒ තරම් දන්නෙ නෑ.
"මම දන්නෙ නෑ."
"අපිට බැරිද හෂිනිව ෆලෝ කරන්න."
"පුලුවන් එත් ඒකෙන් වැඩක් වෙයිද?"
"මම දන්නෙ නෑ..."
"ටූන... මට ඇත්ත කියපන්.. උඹ මට හංගන්නෙ ඇයි?" මම ලොකු හුස්මක් ගත්තා. හයි ස්පීඩ් ගිහින් මොංගල් ඔලුව ෆ්රී කරගන්න බලාගෙන එක කොනකින් කාර් එක නැවැත්තුවා...
"ටූන උඹට මැරෙන්න ඕනේ වෙලාද? මේක නුවරඑළියෙ, කොළබ වගෙ තාර පාරවල් හැමතැනම නෑ. තමුසෙ මෙච්චර ප්රශ්න මැද්දෙත් කියන්නෙ මොකක්ද බලනවා."
"කටවහපන් බං..." ඔලුව කර වෙලා තියෙද්දි තවත් මී හරක් කතා කියවන නිසා මම ආයෙත් ඔලුව සීට් එකට තද කරගත්තා.
"කටවහන්න පුලුවන් මොකක්ද වෙන්නෙ වත් මම දැනගත්තා නම්..." කච කචේ ඔලුවත් රිදෙනවා... කිව්වත් වහන්නෙ නැති අරුම පුදුම කරච්චලයක් මේක. සතූ එක හුස්මට අත පය විසික් කර කර කියවන්නෙ. අමුතුම ලස්සනක් ඒක... ඒ නිකට අල්ලගෙන තවත් මොනවද කියවද්දි මම තොල් අල්ල ගත්තා. ගොළු භාෂාවෙන් තවත් කියවන එක මට ඇහෙන්නෙත් නෑ. ඇහුනත් දෙයියනෙ කියලා සද්දයක් නෑ... කන් වලට ලොකු නිදහසක්... මගෙ පපුව අස්සෙන් එයාගෙ අත් දුවනකොට මම ඒක වින්දා මිසක කිසිම දෙයක් කියන්න ඉස්සර වුනේ නෑ...
"වුල්ෆී... කැන් අයි..." මගෙ පපුව මිරිකන ගමන් එයා මගෙ ඔඩොක්කුවට පැන්නා...
"බට්.." මම සතූගෙ කකුල දිහා බැලුවේ.
"වටෙවර්...." සතූ ආයෙත් මගෙ තොල් වලට ලං වුනා. මේ කාර් එක පිටට පෙන්නෙ නැති නිසා කිසිම ප්රශ්නයක් වෙන්නෙ නෑ. මටත් ඉවසන්න හරි අමාරුයි.
"සතූ..."
"ස්ටෝප්..." සතූගෙ අකීකරු තොල් මගෙ තොල් එක්ක පැටලෙද්දි හුස්මත් අමතක වෙන තරමට මගෙ ඉවසීම දරාගැනීමෙන් පැනුනා එයාගෙ හැඩ ඉණට මගෙ අත් ගෙනිහින් එයාගෙ ස්වීටර් එක පන්නලා දුහුල් ටී එක උඩට ඉස්සුවා.