රුවන් අයියට විතරමද මානසික ලෙඩක් තියෙන්නෙ. මේ ලෝකේ ඉන්න කීයෙන් කී දේනාටද එහෙම ආතතියක් නැත්තේ..... හොස්පිටල් එකෙ යකඩ ගල් මෙට්ටයක් උඩට වෙලා මම කල්පනා කරා. ලගටම දේවල් දැකලත් ගොළුවෙක් වගෙ හිටියෙ කොහොමද කියලා.
පූර්ණාට කෝල් කරලා දැන් පැය දෙකකට කිට්ටු වෙන්න එනවා. නර්ස් ඇවිත් කිව්වේම ප්‍රේශර් වැඩි සීනි අඩුයි කියලා. යකො මූන් ඇගිලි හිල් කරන විදියට තව ටික වේලාවක් ගියොත් කෙස් හිටවෙයි ඇගිල්ලේ විදිනවා අම්මට තරු පෙන්න...
"සර්... ඔයාගෙ භාරකාරයෙක්ගෙ කන්ටැක් අපිට දෙන්න පුලුවන්ද?" පුංචි නර්ස් ඇවිත් මගෙ ළඟ හිට ගෙන අහද්දි දෙලොවක් අතර තනි වුනේ සතූට කියනවද? රසෙල්ට කියලා ශේප් වෙනවද කියලා. එත් වැඩි වෙලා යන්න වුනේ නෑ මම බලාපොරොත්තු වුන නරකම දේ මගෙ කන් වලට ඇහුනා.
"ටෂි.... ඔයා... ඔයා හොදින්ද?" පූර්ණා මගෙ ලගට ඇවිත් මගෙ අත් කකුල්, මූණ අත ගගා බලද්දි පුංචි නර්ස් පොඩ්ඩක් එහාට වෙලා හිට ගත්තා.
"මිස් සර්ගෙ කවුද?"
"මම එයාගෙ කසින් කෙනෙක්..."
"ආ... මිස් ඩීටේල්ස් දෙන්න පුලුවන්ද? සර් ඇක්සිඩන්ට් එකක් වෙලා ආවේ.. බයික් එකත් අපේ ගරාජ් එකෙ තියෙනවා."
"මෙයාගෙ තත්ත්වේ මොකක්ද?"
"දැනට නම් ප්‍රේශර් වැඩි මිස්, ශුගර් පොඩ්ඩ පොඩ්ඩ අඩු වෙනවා. කකුලේ පොඩි ඇඹරීමක් වගෙම අතේ අස්තී පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා දවසක් රෙස්ට් කරොත් හොදටම ඇති කියලා තමයි ඩොක්ට කිව්වේ."
"ඩොක්ට දැන් ඉන්නවද?"
"ඔව් මිස්..."
"මට හම්බෙන්න පුලුවන් නේද?"
"හරි මිස් මම එක්ක යන්නම්." අනිවා ඔය නර්ස් ට්‍රේනින් අලුත් කෙනෙක් නැත්තම් ඔච්චර හොද වෙන්නෙ නෑ.. මොනවා වුනත් හෙන කිවුට්. උදේ සතූ එක්ක හිටිය කෙල්ල වගෙම... පූර්ණා එක්ක මුකුත්ම කතා කරන්න වුනේ නෑ. එයා ඩොක්ටව හම්බවෙන්න කියලා ගියා. ටිකකින් ආවේ ඩොක්ටත් එක්කමයි.
"ආ ළමයා දැන් බය වෙන්න දෙයක් නෑනේ... ගෑණු ලමයාත් ඇවිත් එකෙ."
"එයා මගෙ යාලුවෙක්..."