වටේම තියෙන කොළ පාට ලෝකෙක මම අතරමං වෙලා වගෙ. හිතට දැනෙන තනි වුනා කියන හැගීමට මේ සුදු මීදුමත් එක්ක එන සීතල මගෙ ඇස් තවත් ගල් කරනවා වගෙ අඩන්න නොදි. එතන තිබ්බ ගල් පඩියෙ වාඩි වෙලා ඉද්දි තේ වත්තක් තමයි මට හැමතැනින්ම පේන්නෙ. කූඩැල්ලෝ ඉන්න පොළවක් කියලා මට අමතක වෙලා නෙවේ මට ඒක ගනන් ගන්න ඕනේ නැතුවයි හිටියෙ.
"දරුවෝ... ඔයා මෙතන..." මට ඇහුන කට හඩට මම හැරිලා බැලුවට මට ඒ හඩ හුරුවක් තිබ්බේ නෑ. සරදියල්ගෙ නැන්දා
"මුකුත් නෑ නැන්දේ."
"දුක් වෙන්න ඕනේ නම් දුක් වෙන්න පුලුවන්. ඔයා තාම පොඩි දරුවෙක්." නැන්දා මාව ඇල්ලුවේවත් නෑ. මගෙ ළඟින් ඉද ගත්තා. එත් එයාගෙ මූණෙන් පෙනුනෙ එයා ඉදගන්න කැමති නෑ කියලා වගෙ. ඇත්තනෙ යකෝ මේක කූඩැලි විමානයක්නෙ.
"මට දුකක් නෑ..." මම ආයෙත් හිනාවෙලා කිව්වා.
"දුක් වෙන්න එපා... මුලින් මේක ඇදගන්නකො.. ඔය හිරිගඩුත් පිපිලා... මේ කදුකරේ තෙත් මිටියාවතක්. මෙතන තියෙන්නෙ දරාගන්න බැරි සීතලක් නිසා ඔයා පරිස්සම් වෙන්න ඕනේ." සුවිටර් එකක් මගෙ ඇගට දාන ගමන්ම නැන්දා ඉස්සරහා බලාගත්තා.
"නැන්දට කවුද කිව්වේ මාව ඇවිත් බලාගන්න කියලා. ඇත්තටම එහෙම වෙන්න ඕනේ නෑ නැන්දේ මට මාව බලාගන්න දැන් පුලුවන්." මම හිටියෙ හිතක් පපුවක් නැති මිනිහෙක් ගානට. හරි මට එහෙම ඒවා නෑ.
"මට සනා තමයි කිව්වේ... අපේ කොල්ලට කරපු ජෝක් එකකට ඇස් රතු කරන් ගිහින් කියලා."
"ම්ම්ම්ම්...."
"මට තේරෙනවා ඒක ජෝක් එකක්ම නෙවේ කියලා."
"ඒ කිව්වේ.."
"තනිවුනා වගෙ දැනෙනවා නේද? මටත් එහෙම වෙනවා. ලොකු තාත්තයි, රුවන්ගෙ තාත්තයි අපේ අළුත්ගම නැන්දයි තමයි අපේ පවුලේ හතර දෙනා. එත් මමයි රුවන්ගෙ තාත්තයි තමයි ගොඩක්ම එකට හැදුනෙ. එත් කාලයක් යද්දි මට දැනුනා මම තනි වෙලා ඉන්න හැගීමක්. හැමෝම මාව අයින් කරනවා වගෙ... ලොකු තාත්තා ලොකු අම්මාව බැන්දට පස්සෙ රුවන්එළියෙ අපි ඉඩම් පිරිමි දෙන්නට බෙදිලා යන්න ගියා. ර්තකොට ලොකු අම්මා එක්ක රුවන්ගෙ තාත්තා මටත් වඩා එකතු වෙද්දි එයාලා එක්ක මට විහිලු කරද්දි මට දුක හිතුනා. ඉස්සර මමත් නිතරම මෙහෙම ඉදගෙන හිටියා. දැන් මම බැදලා මෙහෙට ආවට පස්සෙත් මට ඒක වැඩිපුරම දැනෙන්න ගත්තා. තනි වුන හැගීම... " මම නැන්දා දිහා බැලුවා. ඇත්තටම ඒ ඇස් වල කදුලු.