129

689 118 113
                                    

වැහි බර කාළගුණේ එන්නෙ එන්නම දරුණු වෙනවා. මීදුම් පටලේකින් උදේ වරුවෙම කදු පංති සුදෝ සුදූ වලාවකින් නැහැවෙද්දි වෙනදා නැති තරම් සීතලක් අපේ ඇග අත් පත් කර ගෙන තිබ්බා. රෑ නොනිදාම රුවන් අයියාගෙ මිනිය ළඟ පහනට මම නිවෙන්න දුන්නෙ නෑ. ඊලග ආත්මේ උඹ මගෙ අයියා වෙයන් කියලා හිතනවා ඇරෙන්න ඒ නිසල මිනිය මට වෛරයෙකින් වත් හිත පුරව ගන්න දුන්නෙ නෑ කිව්වොත් ඇත්ත.

මිනිස්සු අහයි ඇයි එච්චර ඒ මිනිහා මොනවද කරේ කියලා. එත් මගෙ හිත දන්නවා මේ මනුස්සයා මගෙ හිතට සැනසිල්ලක් දැනුන එකම තැන කියලා. දෝණිවත් තේරුම් නොගත්ත තැන් වල සරදියල් මාව ලොකුවට තේරුම් ගත්තා. ඒ නොවෙන්න කාගෙත් රුවන්, මගෙ සරදියල් වෙන්නෙ නෑනේ....

"තව කොච්චර වෙලා ඉන්නවද නිදා නොගෙන. උඹ පලයන් මම පහනට නිවෙන්න දෙන්නෙ නෑ."

"බලපන් හුළග... දැන් කී පාරක් පහන නිවන්න හැදුවද කියලා."

"ඒ හුලං ටූන... හුලන් කොහොමත් එහෙමයි නිවලා දානවා."

"උඹට දුකක් නැද්ද රුවන් අයියා ගැන..."

"උඹට තරම් නෑ..."

"ඇත්ත කියපන් ඇයි මම නොදන්න දෙයක් උඹ තවත් හංගනවද?"

"හංගන්න දෙයක් ඉතුරු නෑ බං. මේ පරම්පරාවම මගෙ දිහා බැලුව විදිය මම උඹට මුල ඉදන්ම කියලා තියෙනවා. රුවන් කියලා වෙනස් නෑ. එත් ඌ මා එක්ක ඒ තරම්ම අවුලක් පෙන්නුවේ නෑ. උඹලගෙ දෝණිව බදින්න කලින් ඉදන් ඌ ඔක්කොම යූස් කරා. උඹව මෙහෙ පුනුරුප්තාපනේ දාන්න වගෙ හිර කරාට ඌ උඹට වඩා දේවල් කරා. එච්චරයි"

"මෙහෙ එනවා...." මම සතූගෙ අත අල්ලගෙන මගෙ ළඟින් වාඩි කරව ගත්තා.

"මොකො..."

"ක්‍රිෂ්ණා කියපු මුකුත් ඔලුවට ගන්න එපා... අපේ ප්‍රශ්න ගොඩක් හෙට විසදෙනවා. සතූ...."

"ම්ම්ම්ම්ම්.... එත් ඇයි මමම..."

"එතන වෙන්නෙ එකාට එකා කා ගැනීමක් සතූ. ඔය මිනීමරුවා බලය,  ධනය, මොලේ ඔක්කොගෙන්ම පිරිපුන් එකෙක්. හවස වුන විගඩම, ක්‍රිෂ්ණා පටලන්න හදපු ඔසරිය මේ ඔක්කොම එකට එකක් සම්බන්ද දේවල්. නිකන් එකාට එකා ඇණගෙන මැරියන් කියන එකක්. පූර්ණාට වුනා වගෙ. මොනවා වුනත් අපි දැන ගන්න ඕනේ පරිස්සම් වෙන්න. සතු තිරිසන්නු ඉස්සරහා කවදාවත් හැසිරෙන්න හොද නෑ. මොකද හිවලා වුනත් මුලින්ම කරන්නෙ ගොදුර මුලා කරලා බය කරන එක."

❄ ශීත 🍻 සම්පූර්ණයි ✅Where stories live. Discover now