රස්සාව නැති වුනාට පස්සෙ හිතුවට වඩා මූසල හැගීමක් හිතට එනවා. සල්ලි පොතෙන් ගන්නත් ලෝභයි එත් වැඩත් තියෙනවා අම්බානෙකට සෙට් වෙන්න. ලෝකයත් කුරිරු වෙලා උඩ යටිකුරු වෙච්ච ෆීලින් එක්ක මම හුස්ම ගන්නෙ.
"මොකො ඔය සීයට දීලා දාහට අරන් වගෙ කල්පනා කරන්නෙ." එළියෙ බංකුවේ මම ඉදගෙන ඉද්දි දෝණි ඇවිත් මගෙ ළඟින් ඉදගත්තා.
"නිකන්... දැන් ඔයා කවදද යන්නෙ."
"මම ලොකු අම්මට කිව්වා අප්පච්චි රිටය වෙලා නිසා අසනීපෙන් නිසා එයාව බලන්න මම යනවා කියලා."
"ඒක හොදයි. මම සල්ලි එවන්නම් ඕනේ හැම දේටම." මම දෝණිගෙ දිහා නොබලම කිව්වා.
"මගෙ මල්ලිගෙන් තවත් සල්ලි... ඒ මොකටද? මම අම්මා කෙනෙක් වුන ගාස්තුවද?"
"දෝණි..."
"බය වෙන්න එපා... ඕනේ වුනොත් නොඉල්ලා අත්තරින්නෙ නෑ. එත් මට පුලුවන් දේවල් තියෙනවා ඔයා ඒක දන්නවා." මගෙ ඔලුව අත ගාන ගමන් දෝණි එහෙම කිව්වාම මම දෝණි දිහා බැලුවා.
"ඔයා තාම දුකෙන් නේද? දවසක් ගිහිනුත් ඔයා තාම අඩලා."
"මේ ලෝකෙ මට දරගන්න අමාරුම හැගීම ඔයා දන්නවා ටෂි. ඔයා තරම් ඒක දන්න කෙනෙක් නෑ."
"ඔයා වැරදි කියලා පිලිගන්න එක..."
"ඔව්... පොඩි කාලේ ඉදන් මම හැදුනේ අප්පච්චි වගෙ. ඔයාට අම්මා වගෙ වෙන්න පුලුවන් වුනාට මට ඒ විදියට ඉන්න බෑනේ... මම මේ දැන් වෙද්දි දස දහස් ගානක් වැරදි කරත් මට දැනුන වැරදි දෙකක් තිබ්බා... ඒ මගෙ අතින් වුන වැරදි ඔක්කොම කරේ මට ගොඩක්ම වටින දෙන්නට ඔයා දන්නවනෙ."
"දෙන්නෙක්..."
"එක්කෙනෙක් මගෙ දරුවා වගෙ හදපු කෙනා. අවුරුදු ගානක් ඒ හිත චොප්ප කර කර මට ඕනේ වුනා එයා වැරදි හදාගන්න ඕනේ කියලා. අනික් කෙනා මගෙ ආදරේ. මම මගෙ හැම තරහවක්ම පිට කරලා තිබ්බේ මගෙ ආදරේ වැඩියෙන්ම ඕනේ වුන නිදහසක් හීනෙකින්වත් ලැබුනේ නැති කෙනෙක්ට... ඒවා රිදෙනවා ටෂි... හිතනවට වඩා ඒක මට මාවම අප්පිරිය කරලා මම දැන් පසුතැවෙන්නෙ මං ගැනම වෙලා."
"හේයි ලස්සන ලමයෝ... මගෙ ඉස්සරහා කියන්න එපා මට වැරැද්දක් කරා කියලා... ඔයා මගෙ අම්මනෙ..." මම දෝණිව බදාගත්තා...