"මේක සුලුපටු දෙයක් නෙවේ නේද බලන් යද්දී...." කතාව දිගට දිගට ඇදිගෙන යද්දි මලිත් මොකෙක්ද වගෙ අහනවා නිදිමරගාතෙන්.
"මොකක්... උඹ ඒක දන්නෙ දැන්ද?"
"නැතුව බලපන්කො මුන් මිනී කපලා තියෙන්නෙ කේක් කපනවා වගෙ. මේක කරන එකා මොකා වුනත් ඌට pstd තියෙනවද මන්දා. නැත්තම් කොහොමද මෙහෙම මරන්න හිත හදාගන්නෙ. ඌගෙ ලගම මිනිස්සුන්ගෙ ලමයිව." මලිත් එක පාරටම ඒ කිව්ව දේට පස්සෙ මගෙ පුකත් උඩ ගියා.
"ඒ ලෙඩේ කියන්නෙ ඒ මිනිහා විදපූ දේම ඒ මනුස්සයාගෙ හැගීම්ම ඌ වටේ ඉන්න ඌන්ට විදින්න සලස්වන එක නේද?"
"ම්ම්ම්ම් ඔව්... ඒක තමා ලෙඩේ අන්තිම පඩිය."
"මම හොයාගත්ත විදියට සතුර්ක මුල්ම කාලේ මිනීමැරුම් පස්සෙ ගිය එකට අහු වුනේ වයසක මිනිහෙක්
සෝමපාල කියලා. ඌගෙ බාලයෝ දෙන්නා ගැන විහගි හොයාගත්තට ලොකුම එකා ගැන කිසිම ඩීටේල් එකක් තිබ්බේ නෑ....""ඇයි ඒ?" සතූ මගෙන් අහද්දි මම ෆෝන් එකෙ දේ වත් මලිත්ට වට්සැප් කරා. එතකොට ඌ ඒක ලොකු කරලා පෙන්නනවනෙ.
"මේ ඉන්නේ 1965-1992 කාලේ පට්ටිපොළ හිටපු ස්ටේශන් මාස්ටර් සෝමපාල. මිනිහා සාමාන්ය පවුලක කොල්ලෙක් 1975 දී වගෙ ටැමිල් ගර්ල් කෙනෙක්ව කසාද බදිනවා. ඊට පස්සෙ තමයි හොදම හරිය. කසාද ජිවිතේන් මිනිහා කොච්චර තෘප්තිමත්ද කියන්න මිනිහා බේබද්දෙක් වෙලා තියෙනවා. පලවෙනි ළමයා හම්බෙලා ගෑනිව හොස්පිටල් අරන් යන්නවත් මිනිහා නෙවේ ඉස්සරහට ඇවිත් තියෙන්නෙ. පස්සෙ ළමයි දෙන්නෙකුත් කොහොම හරි එළියට ඇවිත්. හරි ඒ මිනිහව පොලිසියෙ කූඩු කරන්නෙ රසෙල් කියන මල්ලි නිකේෂ්."
"ඉන්න... එතකොට ඒ පලවෙනි ළමයා ගැන මොනවත් අදහසක් නැද්ද මල්ලි."
"පලවෙනි ළමයා අපිට ආරංචි විදියට මුස්ලිම් පවුලකට වැඩකාර කමට යවලා තියෙනවා. ඒ කොල්ලව විකුණපු සල්ලි වලින් තමයි කොහොමින් හරි ඒ මිනිහා පවුල ශේප් එකෙ ඇදන් ගිහින් තියෙන්නෙ. මාසෙකට ගානක් එවලා තියෙනවා මුල් මාස 5. එත් එතනින් එහාට කිසිම සාක්ෂියක් නෑ...."
"ඒ ලමයට මොනවා හිතෙන්න ඇත්ද?" සතු කවදාවත් මිනිහෙක් ගැන මෙහෙම අනුකම්පා කරනවා මම කලින් දැකලා තිබ්බේ නෑ. එත් මම එයා දිහා බැලුවාම පෙනුනෙ කියාගන්න බැරි දුකක්.