"අනේ ටූන මගෙ ඇග කසනවා..." මම හිටියෙ අලුත් ආර්ටිකල් එකෙ නිවුස් එක එඩිට් කර කර කාමරේ තිබ්බ පොඩි මේසෙ ලගට වෙලා... කුරු කුරුව අහලම පුරුදු එකෙ මම ළඟදි ඉදන් ඉවසීම ප්‍රගුණ කරනවා.
"ටූන... උඹට දැන් මාව ඇහෙන්නෙ නැද්ද කියපන්කො."
"සතූ පෙනවද මම වැඩක්."
"මගෙ ඇග කසනවා මිනිහෝ... මේ බෙට්ෂිට් වත් අඩුම හෝදලා දෙනවා..."
රුවන් අයියව ඇරෙස්ට් කරලා ඒ ලියකියවිලි අප්පච්චි බලාගන්න නිසා බිශොප් ගමට ආව නිසත් මම සතූගෙ කකුලේ සීන් එකට බෙහෙත් කරන්න කියලා අප්පුහාමි මාමාට කිව්වා.
"ටූන... අනේ මාව කසනවා වගෙ ඕයි."
"තාම ඔතන නිදාගෙන පැය 8ක් වත් වුනේ නෑ බං... උඹ කාවද ඔය රවට්ටන්නෙ. අනික මෙතන නෑ වොශින් මැෂින් එකක්වත්... කට පියන් නිදාගන්නවා.."
"උඹ දන්නවා මම එක තැන ඉද්දි හතර පාරකට වඩා නානවා කියලා. මේ ගද තෙලකුත් ගාලා මම මෙහෙම ඉද්දි උඹ ඔහොම ඉන්න එක සාධාරණද?"
"හ්... හ්..... කොලුවෝ මේ තෛලේට වචනයක් කියනවා නෙවේ..." අප්පුහාමි මාමා කාමරේ ඇතුලට ඇවිත් සතූ දිහා අත් බැදගෙන, කණ්ණාඩිය අග්ගිස්සෙන් බලලා රවන්නෙ...
"මෙයාට නාන්න ඕනේලු"
"හ්හ්... මොකක්... නාන්න... උඹට සති දෙකක් නාන්න තහනම් නොවැ... අහංකාර කොලුවා නම් මෙච්චර කෙදිරි ගෑවේ නෑ නොවැ..." මාමා මගෙ හොදක් ඔය කිව්වාමද මන්දා. එහෙම කියලා සතූගෙ කකුල චෙක් කරන්න ගත්තා...
"ඔය ඌරාට නම් මාමේ ඒක ස්වර්ගයෙ දායාදයක් වගෙ තියෙන්න ඇති. ඇරත් ඕකා නොනා අවුරුද්දක් ඉන්න කිව්වත් ඉන්න පොර..."
"ඉතින් ඌරාගෙ යාලුවා ඌරා වෙන්න ඕනේනෙ දරුවෝ.."
"මට ඌරෙක් වෙන්න ඕනේ නෑ..." සතු ගස්සලා අහක බලාගත්ත නිසාම මාමා ඒ කතාව අහක දැන්මා. මූගෙත් රංගනේ බං... ඕකාගෙ ඔය පිරිසිදුකම නෑ අහවල් එකේදි... අනේ මගෙ කට...
"ඇග අඹරලා තියෙන විදියෙන් පේනවා නොවැ කොදු ඇට පෙලෙ ඉදලා ප්‍රතිකර්ම යොදන්න වෙන බව. කොලුවෝ උඹ මැරෙන්න ආසාවටද මෙච්චර දගලලා තියෙන්නෙ..." ආර්ටිකල් එක දිහා බලාගෙන මම ටයිප් කරන ගමන් සතූට මාමා කියන දේවල් මම හොදට අහගෙන හිටියා.. එහෙම කෝප්ප හෝදන්න නෙවේ මම හොද නිරික්ෂකයෙක් නිසා...