"ටූන..."
"ම්ම්ම්"
"මට හොද යාලුවෙක් වුනාට තැන්කිව්... මම දන්නෙ නෑ හෙට මොකක් වෙයිද කියලා ඒත් මාව පාවා දුන්න සමහර නයි දැක්කාම ඔයා මන් වෙනුවෙන් මම මොනවා කරත් හිට ගත්ත එක මට හයියක් වුනා. ජිවිතේ අමාරුම කාලෙ මගෙ හොදම යාලුවා ඔයා වුන එක ඇත්තටම ලොකු දෙයක්." හොටෙල් එකෙ ඩිනර් එකට අපිට ගාර්ඩන් එකෙ ප්ලේස් එකක් සෙට් කරලා තිබ්බ නිසා සතූ මාවත් ඇදගෙන එතනට ආවා කන්න.
කෑම වලට එක එක මෝස්තර දාලා හදලා. එක ඇස් වලින් විදින්න පුලුවන් එත් ඇබිද්දක් වගෙ ටිකක්. මගෙ වගෙ බඩකට සෙට් නෑ.
"උඹ දැන් මොකක්ද කියන්නෙ. කෙලින්ම ඕනේ දේ ඉල්ලපන් මම දෙන්නම්." වහෙන් හොරෝ නොයා මට මේ කෑම එකත් එක්කත් කේන්ති ගිහින් ඉන්න වේලාවෙ හරි දේ කෙලින් කිව්වා නම් ඉවරනෙ.
"ඔයා නොදන්න දෙයක් ඔයාට කියන්න තියෙනවා."
"මොකක්ද?"
"මම හෙට හවසට ආයෙත් ඇමරිකා යනවා." මම කෑම එකත් කන එක නවත්තලා සතූ දිහා බැලුවේ.
"ඔයා මොකක්ද ඔය කියන්නෙ. ඇමරිකා ඉදන් මෙච්චර දුරක් ආවේ දවස් තුනෙන් යන්නද?"
"මේක කියවන්න" මගෙ අතට ලෙටර් එකක් දීලා සනා එහෙම කිව්වාම මමත් අත පිහදලා ඒක ගත්තා. ඇග්‍රිමන්ට් එකක් තිබ්බේ ඒකෙ. අවුරුදු 3කට. ඒකෙ තිබ්බේ සතුර්ක ලක් රූ අවුරුදු 3කට පැවරුම් භාරයෙ තියෙනවා කියලා. ෆෝන්, එෆෙයා, යාලුවෝ අඩුම පවුලට වත් කනේක්ෂන් එකක් නෑ කියලා. තද කෑම පාලන වගෙම එයාට වෙනමම වෙන් වුන මැනේජර් කෙනෙක් දාලා තිබ්බා. මම සතූ දිහා බැලුවා.
"ඉතින්"
"තුහින... ඕකෙන් කියනවා මගෙ රිලේශන්ෂිප් ඔක්කොම නවත්තන්න වෙනවා කියලා. ඔයාට පේනවද?"
"ඔව්..."
"මට යාලුවො විතරක් නෙවේ මගෙ පවුලත් අයින් කරන්න වෙනවා."
"ඔව්..."
"මුකුත් කියන්න නැද්ද?"
"මම මොනවා කියන්නද? ඔයාගෙ පවුලේ ඔයාගෙ භාරකාරයා මෙතන සයින් එක දාලා තියෙද්දි." භාරකරුගෙ ප්ලේස් එකෙ තිබ්බ සයින් එක පෙන්නලා මම ආයෙත් හැන්ද ගත්තෙ කෑම එක කන්න. මේක මේක හැන්දෙන් කන්න බෑ. ළඟ තිබ්බ පේපර් මම සතු ගාවට දාලා ඉවර එකෙ හැන්ද අයින් කරලා අතින් කන්න ගත්තා.