අදුරු වළාකුලු හිත් අස්සට එද්දි හිතෙන්නෙම ඇදට ගිහින් ගුලි වෙන්න. පොඩි දවස් වලට යන්න. එත් ඒ වෙනුවට මම කන්ද පාමුල ඉදන් චූටි නැන්දලගෙ ගේ දිහා බලන් හිටියා.
එක පොඩි කොල්ලෙක් මෙතනම මේ පාමුලම ඉදගෙන දවසක් අඩද්දි එක වයසක මනුස්සයෙක් ඇවිත් ඒ පුංචි කොල්ලව සැනසුවා. එත් අද ඒ පුංචි එකාම, ඒ සීතලේම එතනට වෙලා ඒ මනුස්සයගෙ ගේ ගිනි තිබ්බා වගෙ ප්රශ්නයක් දීලා උඩට වෙලා බලන් ඉන්නවා. හිතේ කැකැරෙන වෛරයක් මගෙ නංගි වෙනුවන් මගෙ හදවත උඩට එන්නෙ. මිනිස්සුන්ට මෙච්චර වෙනස් වෙන්න පුලුවන්ද? මමත් වෙනස් වුනා... මට ඕනේ කමක් නැතත් චූටි නැන්දගෙ මූණ බලන්න නොහිතෙන තරමටම මගෙ හිතේ ඒ මනුස්සයා වෙනුවෙන් ඉපදුනේ ජරාවක් කියන අප්පිරියාව විතරයි.
"අපි යමුද?"
"සෙල්වි අම්මා ආවේ නෑ තාම."
"තව ටිකකින් උඹ දන්නවා මෙතනට චූටි නැන්දලා එන්න පුලුවන්.... සෙල්වි අම්මා හොදින් වෙයි." මගෙ ලගම ඉදන් සතූ කිව්ව නිසාම මම ආයෙත් ලොකු හුස්මක් උඩට ගත්තා.
"අපි යමු..." සතු කියද්දි මම සතුගෙන් කා කී එක අරගෙන ඩ්රයිවින් සීට් එකට නැග්ගා.
"මේක හොද වෙයිද?"
"සතු පොඩ්ඩක් කට පියන් යමු..." සතූගෙ කාර් එක වෙනමම ලෙවල් එකක බර පංතියෙ කාර් එකක්. ඒ වෙලත් AC එක ඕෆ් කරලා දාලා මම ජනෙල්ලේ ඇරියා.
160ට වඩා වේගෙන් මේ පාරේ යන්න පුලුවන් ට්රැෆික් නෑ. එත් වංගු. ආව මුල්ම දවසෙ එහාට්ට මෙහාට්ට ඇලවුන මට දැන් ඇස් පියාගෙන වුනත් මේ කන්දේ යන්න පුලුවන් වෙලා තියෙනවා. ඔව් ඉතින් මොකද මේක මම ආසම කරපු තැනක් නේද? පැය ගානක් යන්නෙ නෑ උඩුපුස්සැල්ලාවේ ඉදන් ප්රධාන පාරට එන්න. 160ට ආවොත්...
"දැන් වත් මම කතා කරන්නද?" ශිවා අයියගෙ කඩේ ළඟ කාර් එක නතරකරපු ගමන් මගෙ පැත්තට හැරිලා සතු කතා කරා
"කරන්න.."
"මට තේරෙන්නෙ නෑ උඹ ඇයි ඔක්කොම හිතේ හිර කරගෙන ඉන්නෙ කියලා. උඹ මට මෙහෙම කරන එක වැරදි ටූන..."
"ද්රෝහි වුනා වගෙ දැනෙනවා."
"කාටද?"
"චූටි නැන්දට..."