මහ කලුවරේ මෙහෙම ඇවිදන් යද්දි මඩ ජොහොරක වැටුනාම මොකද? ඇයි ඕක ඔච්චර හිතන්න දෙයක්ද? කරුමේ උරුමේ කරන් ඉන්නවා කියන්නෙ මේවට තමා. රුවන් එළියෙ ෆට්ට සීතලයි. බණ්ඩාරවෙල මොනවද මේ සීතලත් එක්ක බලද්දි. මගෙ කොණ්ද තාම ඇවිලෙනවා වගෙ දැනෙනවා. මගෙ ඇදුම් පුරවපු බෑග් එක මම උස්සන් ආවට දැන් එකත් බරයි වගෙ. ඔක්කොමත් හරි මේ රිදිල්ල එන්න එන්න වැඩි වෙන එක ෆට්ටම අවුලක්.
"ටෂි... අමාරුද?" සරදියල්ගෙ කට හඩ මට ඇහුනා.
"පිස්සුද යකො... මට කොහෙ අමාරු වෙන්නද?" මම එහෙම කියලා ආයෙත් අඩිය තිබ්බා. අපේ ඔක්කොටම පස්සෙන් ඉන්නෙ සනා. අනේ ඕකාට මාව දිරවන්නෙ නැති සීන් එකක් තියෙනවා කියලා මට හිතෙනවා. මොනවා වුනත් මට වැඩක් නෑ.
"වැඩි දුරක් නෑ... තව ටිකයි."
මට තේරෙන්නෙ නැත්තෙ අච්චර මාළිගාවක් වගෙ ගෙයක් තියෙද්දි ඇයි අපි මේ කැලෑ පිරුනු මඩ ජොහොරුවක ඇවිදින්නෙ කියලා.
"ඉතින් අපි ආවා..." මට හිතාගන්න බැරි වුනා. මම දැක්කේ අර කමල් අන්කල්ව. මට ගෙයක්වත් පෙන්නෙ නෑ. ඒ මූ වෙන්න බැරි ද හොල්මනක්. මෙහෙට ආව වේලාවෙ ඉදන් මට දැනෙන්නෙ හොලමන් ෆිලින්ස් මයි.
එත් පොඩ්ඩක් එහාට ගිහින් දැක්කේ... ලොකු විලා එකක් වගෙ ගෙයක්. ඒක අර ගෙට වඩා දෙගුණයක් වගෙ ලොකුයි. මගෙ ඇස් ලොකු වුනා. රුවන් අයියලගෙ මහ ගෙදර මෙච්චර ලොකුද? ඌ මාළිගාවෙන් බිමට බැහැලා අපේ කොළනියෙ අරක් ගත්තෙ ඇයි කියලා මට හිතාගන්න කාලයක් ගියා. ඉඩම වටේට ලී වැටක් ගහලා තිබ්බේ. ගල් එළියට එන ආර්ට් එකට ලස්සනට හදලා තිබ්බා. මම හිතන්නෙ රෝස මල්, ඩේලියා මල් ඒ වැට වල් අයිනට වෙන්න ලස්සනට පැල කරලා තිබ්බේ අමුතුම නුවර විලා ලුකින්ග් එකකට. ඒ ගේ දුම් කවුළුවක් තියෙන බල්බ් එකෙ ඉදන් පෞරාණික විදියට.