"ආයුබෝවන්... මිස්ට ටකේෂ්... අපේ නව අද්දෑකීම් බහුල රචකයා..." හිනාවෙලා මටත් ආයූබෝවන් කියන්න වෙන තැනටම මාව අපේ ඌන් ඇදලා දැන්මා. උදේම තියෙන මෙන්ටල් ට්රීට්මන්ට් ගැන තියෙන ප්රෝගෑම් එකකට තමයි මූන් මාව අද ගෙන්නලා ඉන්දෙව්වේ. කොහොම කරත් මම මෙතන මෙහෙම ඉන්න ඕනේ බව නම් මම දන්නවා. මොකද මිනිස්සු හරි ආසයි තත්ත්වේ උස්සගෙන, පුප්පගෙන ඉන්න.
"ආයූබෝවන්..."
"ඔයා හරි ලස්සනයි ටකේෂ්..." ඉන්ටර්වීව් එකෙ ගෑණි කියලා මනමාල හිනාවක් දැන්මාම කොහොමත් එපා වෙලා වගෙ හිටිය මම නිකන්ම බිම බලාගත්තා.
"එයා හරි ලැජ්ජාකාරයෙක්. ඉතින් ඔයාලා බලනවා ඇති මේ තරුණ වාර්ථාකරු ඇයි අපේ හෙල්ත් ෆ්රෙස්ට් ප්රෝගෑම් එකෙ කියලා... ඉතින් ඔයාලා මේ තරුණයාගෙ ආර්ටිකල් වලට පිස්සු වැටිලා හිටිය බව ඇත්තටම අපිට නොරහසක්. ඉතින් ටකේෂ් අපි කාරණාවට එන්න කලින් අහලා ඉන්නම්කො කොහොමද අපේ කෲ එක එක්ක වැඩ." ඉන්න මම ඇත්තටම මූන් එකෙක්ටවත් කැමති නෑනේ. මම දැන් මොකද කියන්න ඕනේ. බ්ලෑ...
"ඇවිත් දැන් ටික දවසනෙ... මිනිස්සු තාම අදුරගන්න බැරි වුනා."
"හරි විහිලුකාරයෙක්නෙ..."
"කට්ටියම කියනවා.."
"ඉතින් ටකේෂ් වැඩිය කියවන්නෙ නෑ වගෙ."
"ඔව්... කට රිදෙනවා..."
"ටකේෂ් ස්ක්රීප්ට් එකට කතා කරනවා..." කනේ ගහලා තිබ්බ ඇඹෙන් මිස්ට ශේහාන්ගෙ කට හඩ ඇහුනාම තමයි මම අරකිට ඉස්සරහා බැලුවේ. ආ මහන්සි වෙන්න දෙයක් නෑනේ මේ උත්තර ඔක්කොම තියෙන්නෙ. ඔක්කොම එක පිටට කියවන් ගියා ඉතින්. එකිත් සතුටින්, මාත් හොදින්, ශේහානුත් සතුටින් එච්චරනෙ වෙන්න ඕනේ. ඉතින් මූන් මනෝ විද්යා වැඩසටහනක් කියලා මගෙ පෞද්ගලික ජිවිතේ යම්තාක් එළියට දාන්න හැදුවේ. එහෙම ඕනේ නෑ... මම ඒ ප්රශ්න වලට ඕනේවට එපාවට දේවල් කිව්වා. මම ලව් කරන ඌන්, මට ලව් කරන ඌන්, මගෙ පවුලේ අනික් ඌන්, මගෙ පොඩි කාලේ ඇයි දෙයියනෙ මේ මිනිස්සුන්ට ඕනේ වෙන්නෙ මම නිකන් අයිඩල් කෙනෙක් වගෙ නෙවේනේ...
"එහෙනම් ටකේෂ් ඉස්සරහට අපි එක්ක එකතු වෙලා ලොකු ගමනක් යමු..." කෙල්ල හිනා වෙලා කිව්වාම මමත් හා කියලා ඔලුව වැනුවා.