"ටූන කෝල් එකක්..." මහා පාන්දර නිදාගෙන මම නිදාගත්තෙ උදේ. නිදිමත කට කපලා තිබ්බත් මට නැගිටින්න ඕනේ වෙනවා කියලා මම දන්නවා. අවුරුදු ගානක් පුරාවට මම රේකෝඩ් එකක් තියන් දැන් නැති වෙලා. නිවාඩු අඩුවෙන්ම ගත්ත එකා දැන් නිවාඩු වැඩියෙන්ම ගන්න එකා වෙලානෙ.
නුවර අහස හරි ලස්සනයි කිව්ව කවුරුත් කිව්වේ නෑ නුවරඑළියෙ අහස ගැන. නොකිව්ව එකත් හොදයි. ඇයි යකො කොයි වෙලේ හරි මේ අහස නිසා මම නිදිමතේ මැරෙනවා. ඇයි යකො ආව දවසෙ ඉදන් මම අහසෙ ලස්සනයි ලස්සනයි ගගා අරු එක්ක අහසෙ ලස්සන බලනවා මගෙ නින්ද කැප කරලා.
"අනේ කන්කරච්චලේ..." මගෙ කකුල් උඩ දාන් ඉන්න සතුගෙ කකුල් වලින් මගෙ කලවා වලට ගහනවා නිකන් බොක්සිං පුරුදු වෙනවා වගෙ.
"බල්ලො... හිටපන්කො... රිදෙනවා.."
"එහෙනම් ඔය කරච්චලේ ඕෆ් කරපන්."
"කෝල් එකක් නෙවේ ඕයි මේ එලාම් එක." ෆෝන් එකෙ වැදුන එලාම් එකත් ඕෆ් කරලා මම එහා පැත්තෙ ඉන්න සතු දිහා බැලුවා. මූ නිකන් කලවැද්දෙක් වගෙ. මට පැලෙන්න නිදිමතයි දෙයියනෙ. කොට්ටේට කනත් හිර කරන් මේ උරුලෑවා නම් නිදි. මම 3ට නිදාගෙන 6ට නැගිටින්න ඕනේ.
"සතු නැගිටපන්..."
"ආ... හරි හරි පරිස්සමෙන් යන්න."
"සතු නැගිටපන්..."
"බායි මම නිදි..." මම අරුව රේදි වේලන්න වගෙ ගැසුවා. එත් මූණ රැලි කරලා නිදාගත්තා විතරයි. ඉවසීමේ අන්ත ඵලය එක්ක ෆට්ට කේන්තියෙන් ඉන්නෙ...
"නැගිටපන් පරයෝ..." මුළු වීරියම දාලා අරුව මම ඇදෙන් බිමට තල්ලු කරා.
"මොන මගුලක්ද ටූන වෙලා තියෙන්නෙ මට නිදිමතයි."
"මටත් නිදිමතයි... එත් උඹේ ඉලව් නිසා මට ඊයෙ නිදාගන්න බැරි වුනා... සෝ පිලිස්... තේ එකක් හදන් වරෙන්. කන්න මොනවා හරි එක්ක."
"මට නිදිමතයි." ලෑලි බිම කොට්ටෙත් තුරුල් කරන් ඌ ඉදගෙන නිදාගෙන ඉන්නවා දැන්.
"සතුර්ක... මට තේ ටිකක් හදනවා මනුස්සයෝ." තවත් සද්දෙන් කියලා කෑ ගැහුවා
"අනේ මට බෑ... මට නිදිමතයි."
"ආ දැන් එහෙමද? හරි එහෙනම් හෙට ඉදන් උඹට මේ රූම් එක තහනම්..." අකමැත්තෙන්ම වගෙ නැගිටලා මම මූණ හෝදන්න ගියා... ඇයි බං මිනිස්සු ජොබ් කරන්න ඕනේ. අමුම අමු නසරාණි වැඩක් බං ඒ. මට හෙණ කේන්ති. මගෙ කටු පිරිච්ච ඇග ඒ පුටුවටම සින්න වෙලා බඩත් පිපුනා. කළුවට හිටිය මම ඒ ac එකටම සුදුත් වෙලා. බලපන් මට වෙන දේවල්...