"ටෂි මල්ලි අර ටයර් එක අරන් වරෙන්කො... ස්පෙයා වීල් එකත් එක්ක." අමිත් අයියගෙ කට හඩ ඇහෙද්දි මොකා මොන දේ කරත් එතනට දුවන්න ඕනේ.
"ඉන්න අයියෙ මම එනවා." කකා හිටිය බත් එකත් පැත්තක තියලා අත හෝදගෙන මම එතනට ගියා. දවල්ට කන්න ගත්තෙ 3ට. ඒකත් කා ගන්න බැරි වෙයි වගෙ. කකුල අමාරුයි කියලා මම ඊයෙ ආවේ නෑ. ඒ නිසාම අද මම ආවේ කොච්චර අමාරු තිබ්බත් අන්තිම ගාන එකතු කර ගන්න. අනික් දේ මම මේකත් එක්ක ඉස්සරහට යනවා...
ටයර් එක ඉස්සුවට මොකද මගෙ කොණ්ද ඇවිලෙනවා. මම ඉන්නෙ ලොකුවට නැතත් වේදනාවකින්. මේවා අමතක වෙන්න ගහන සාරය පොඩ්ඩක් ගැහුවනම් ඔක්කොම බංකොලොත්. මම ටයර් එකත් එතනින් රෝල් කරලා තියලා අමිත් අයියා ගාවට ගියා.
"පොඩ්ඩො.. මේ එන්ජිම් එකට අල්ලාම් ඕක.. ටොච් එක." මම එතන තිබ්බ එන්ජින් එකට ටෝච් එක අල්ලද්දිත් මගෙ අත වෙව්ලනවා. එත් ඒ ඇයි කියලා මම දන්නෙ නෑ.
"උබ වෙව්ලනවා"
"ඔව් අමිත් අයියෙ දන්නෙ නැද්ද මහන්සියට."
"ඇත්ත කියපන් උඹ අයිස් ගහන්නෙ නෑ නේද?" අමිත් එන්ජින් එකත් හදන එක නවත්තලා මගෙ දිහා බැලුවා.
"පිස්සුද අමිත් අයියෙ. ඒවා ගනන්..." මම ඔෆිස් එකෙ ඉදන් ඉන්න කෙල්ල දිහා හොරෙන් බලලා කට පියා ගන්න කියලා ඉගි කරා. හේ හේ ඔෆිස් එකෙ ඉන්නෙ මගෙ 3 වෙනි කෙල්ල.
"මොකද උඹට ඇස් ලෙඩද?"
"නෑ නෑ අණ්නා අරයා ඉන්නවා කෑ ගහන්න එපා."
"දැන් නම් මටත් බය අපෙ එකත් උඹ වගෙද කියලා."
'උඹේ එකා මට වඩා හපන් අයියෙ. කුඩු විතරයි නොගහන්නෙ.' මම හිතින් කියලා හිතින් හිනාවෙලා ශෙප් එකෙ එහාට වුනා. ඕවා කියලා නැති මගුල් ඕනේ නෑනේ.
අමිත් කියලා සෙල්වම්ගෙ තාත්තා. සෙල්වම් මගෙ ඉස්කෝලෙ යාලුවෙක්. ඌ තමයි අපෙ ඉස්කෝලේට ඒක එක එවා බෙදාහරින එකත්. එත් අමිත් කාරයා ඒ මුකුත් දන්නෙ නෑ වගෙ ඉන්නෙ. ඉන්න මම දන්නවා අමිත් තමයි ඔක්කොම ගෙනල්ලා දෙන්නෙ කියලා. එත් මට ඇති වැඩක් නෑ මම විහින් පෙලබුනා. අනික කවුරුත් මුකුත් මගෙ කටේ බලෙන් ගැහුවේ නෑනේ.