උණ විකාරේ හොදටම වැඩි වෙලා කොච්චරද කියනවා නම් හොදටම තද වෙලා වගෙ. සනා කියවන විකාර ඇහුවාම මටත් පිස්සු වගෙ. මූව ආශ්‍රය කරන්නෙ මට පිස්සු නිසා වෙන්න බැරිද? ජිවිතේ කා ගාවත් අදුරු පැතිකඩක් තියෙනවා කියලා මට කියලා දුන්නෙ සනා.
අම්මා දාලා ගිහින් වෙන පවුලක්, වෙනම රටක, වෙනම ජාතියක මිනිහෙක් එක්ක එකතු වුනාම මොන දරුවද සතුටු වෙන්නෙ. මට බෑ ඒ අම්මගෙ සතුට කියලා හිත හදාගන්න. මම ආදරේ බේදාගන්න අකමැති මිනිහෙක්. ඒ නිසා මට ඒක බෑ... මට හරි දුකක් දැනුනේ මේ ජිවිතේ ගැන එයාගෙ ඔලුව අත ගාන ගමන් උණ අඩු වෙන වැඩි වෙන ස්පර්ශය විදිනවා.
"වතුර..." රෙද්දත් වටේටම ඔතාගෙන සනා කෙදිරිගානවා.. ශිට් මෙතන වතුර නෑනේ... පඩිපෙළ බැහැලා මම කුස්සියට ගියා. සනාගෙ කෝප්පෙවත් මම දන්නෙ නෑ. හැබැයි සනා මගෙ කෝප්පේ ඉදන් දන්නවා..
මම යද්දි පෙරලිලා පෙරලිලා බෝලේ වගෙ බිමට වැටිලා. දැන් ඉතින් දෑතේ විරියෙන් නැගිට්ටවන්නෙ. පව් අහිංසකයා.
"ඒ උඹට තාම කුලප්පුව ගිහින් නෑනේ බං"
"කිව්වා කියලා හිතාගනින්."
"බලපන් ඉතින් උඹට ඇගට පණ නෑ... එත් කට බලපන්කො වක්කඩේ වගෙ."
"වතුර දීපන්කො."
"ඒ සනා උඹට ශුවර්ද ඇත්තටම උණ කියලා... මට සැකයි බං... නෑ නෑ උඹට කොහෙත්... ඒ මොකක්ද බං මේ සුදු ළූණු ගද..."
"මේ මේ... අපහස කරන්න එපා.. මම සුදුළුණු තියාගෙන උණ හදාගෙන නෑ බං..."
ඉන්න එතනින්ම වැඩේ මාට්ටු.
"නැගිටපන්.. මේ වතුර එක ඔලුවේ හලන්න කලින්." ඌගෙ උඩින් වතුර කෝප්පේ පොඩ්ඩ පොඩ්ඩ ඇල කරන ගමන්.
"හරි හරි නැගිටින්නම්... මම නැගිට්ටා... අයියෝ ටූන ඔහොම තමා අනේ ඩාම් වෙනවා ඩූම් වෙනවා."
"ඇයි මෙහෙම කරේ..."
"නිකන් මට ලොකු අම්මා ගහන්නෙ කරන්නෙ නැතත් වැරැද්දක් කරාම කතා නොකර ඉන්නවා. ඉතින් අද මේක පොඩ්ඩක් ටෙස්ට් කරලා බැලුවා. මම පින්නෙ හිටිය නිසා ඔක්කොම හිතන්නෙ මම" සනා තවත් දේවල් කියන්න කලින් ඌ පොරවගෙන හිටිය රෙද්ද මම අයින් කරලා විසික් කරලා දැන්මා.