එකකට එකක් ගැලපෙන ඒ සිද්දි දාමයක් එක්ක අපි දෙන්නා කාර් එකෙම අතරමන් වෙලා වගෙ බලන් ඉන්නවා. මට දැන් ඕනේ එකම දෙයක් විතරයි රුවන් අයියා පස් වෙන්න කලියෙන් ඒ මනුස්සයාගෙ ඒ පව් කාර වැරදි හේදෙනවා බලන්න මට ඕනේ.
"එතකොට සරදියල් මුකුත්ම කරපු කෙනෙක් නෙවේද?"
"කවුද සතු දන්නෙ..."
"උඹ එහෙම නොහිතාද ඌව කූඩු නොකර හොස්පිටල් එකෙ තිබ්බේ එතකොට." ඩ්‍රයිව් කරන ගමන් සතූ අහද්දි මම එළිය බලාගෙන හිටියෙ. ඒකම ආයෙ සද්දෙන් සතු ඇහුවා.
"මම සාමාන්‍ය මිනිහෙක්නෙ සතු... මම ආදරේ කරන මිනිහෙක් දුක් විදිනවා බලන්නෙ කොහොමද කූඩුවක් ඇතුලේ." මම ඇත්තම කියලා දැන්මා.
"ඇත්ත කියපන් ඌ මාව මරන්න ආවත්..."
"ම්ම්ම්ම්..." මම නිකන් හිස් වචනෙකින් කතාව අහක දැන්මා. එතනින් එහා එයා මුකුත් අහන්නෙ නෑ. එයා දන්නවා කියන්න ඕනේ මුකුත් එයාට දැනගන්න ලැබෙන්නෙ නෑ කියලා. ඒ නිසාම එක එක විකාර ගොඩක් කියෝ කියෝ නුවරඑළියෙ බස් ස්ටෑන්ඩ් එකට වෙනකල්ම අපි දෙන්නා ආවා.
"මොකො කියන්නෙ අර පාර්ක් එකට යමුද?" සතූ එදා මම ටිකට් එක ගනන් නිසා කකුල් නවත්තගත්ත පාර්ක් එක පෙන්නලා ඇහුවා. ඉතින් අපි ගාව දැන් සල්ලි තියෙනවා ඕනේ බොරු වැඩක් කරන්න.
"ඊට හොද නැද්ද වටේ ඇවිදින එක."
"වටේ..."
"ම්ම්ම්ම්.... එදා වගෙම බඩු ගන්න යමු."
"උඹ දන්නවද ටූන වැඩක්."
"උඹේ හිත කියවන්න බෑ මට."
"නොදකින් සෙවලයා ඔය කිව්වේ පිස්සු බල්ලා..."
"හරි හරි කියපන්කො."
"මම සාමාන්‍යයෙන් මිනිස්සු මොකක් හරි ප්‍රශ්නයක් ආවාම දැනන් හිටියෙ කිසිම සද්දයක් නැති, මොකෙක්වත්ම නැති තැනකට වෙලා කල්පනා කරනවා කියලා. එත් උඹ දෙනෝ දහාක් කෑ ගහන තැනක කූල් වෙනවා එහෙම කොහොමද?"
"මම වට පිටාවේ බලද්දි මට පේනවා මට වඩා ප්‍රශ්න තියෙන මිනිස්සු පොළව උඩ ඉන්නවා කියලා. ඉතින් එතකොට මට මටම කියාගන්න පුලුවන් ටෂි... උඹ ගොඩක් වාසනාවන්තයි එක අතකට කියලා..." මම ඇත්තම කිව්වා. සල්ලි නිසා අසරණ වෙච්ච මිනිස්සු, ලෙඩ තියන් විදවන මිනිස්සු, කොයිතරම් ඉන්නවද? මම කවුද?