මම වචනෙන් පරිසමාප්තියෙන්ම මෝඩයෙක්. මට හිතෙන්නෙම එහෙමයි. මම වගෙ මිනිස්සු මිනිස්සුන්ට ලං වෙන්න නරකයි. මොකද අමු ගවයෙක් වගෙ ඌන්ට හදපතුලෙන්ම දෙන්න ගිහින් නිතරම නානවා. මගෙම අය වුනත් පිට අය වුනත් ඒකයි ඇත්ත කතාව.
මම හැන්ඩ් ෆ්රී එකත් කනේ ගහගෙන පබ්ජි ගහගහ හිටියෙ. මුලින් දවස් තුනකින් තියෙන ඩිබෙට් එකෙන් පස්සෙ යනවා කිව්ව මිනිහා තාම ගියෙ නෑ. දැන් තුන් වෙනි ඩිබෙට් එකටත් ගිහින් තිබ්බා. මූ යන්නෙ නෑ බං. මට මගෙ දෙයක්වත් කර ගන්න නෑ. මගෙ දෙවල් කියන්නෙ ෆෝන් එක ඔබන්න බෑ. කොයි වෙලෙත් පිං ලිදට යමු, කන්න මොනවා හරි හදමු, පාර්ක් යමු, බීච් එක්ක යන්න... එසෙ මෙසෙ වදයක් නෙවේ මේ සති දෙකට මට දෙන්නෙ. ඒකමයි මම කියන්නෙ මිනිස්සුන්ට ක්ලෝස් වෙන්න එපා කියලා.
"මම ඔයාට කතා කරා ටූන.." ගහගෙන හිටිය හෑන්ඩ් ෆ්රී එකත් ගලවලා දාලා මගෙ දිහා රවාගෙන බලන් ඉන්න සනාව ගානක් නැතුව මම ආයෙත් ෆෝන් එක ඔබන්න ගත්තා.
"දැන් උඹට මාව පෙන්නෙ නෑ, ඇහෙන්නෙ නැද්ද?"
"මොකද බං කෑ ගහන්නෙ උඹට පිස්සුද?"
"මම කතා කරාම මාව ඇහෙන්නෙ නෑ කියලා දැනුනාම මට මල පනිනවා."
"හෝද ගනින්..." මම ආයෙත් හැන්ඩ් ෆ්රී එක කනෙ ගහගන්න හැදුවේ. එත් අරු ඒක වෙන්න දුන්නෙ නෑ.
"ටූන කාමරේ මෙහෙම පිස්සන් කොටුව වගෙ තියාගෙන ඉන්නෙ කොහොමද බං... මෙන්න මේක අස් කරන්න මට හරි මහන්සි."
"උඹට කියවලද මහන්සි."
"කියවන එකත් මහන්සියක්."
"පුදුමයි එච්චර මහන්සියක් දැනිලත් කට කියවන්නෙ නැතුව හුස්මක් නොගන්න එක."
"ටූන... මේ බලපන් ඇගම දාඩියෙන් පෙගිලා. දාඩිය බිබිලි දාලා... මම මැරෙන්න ළඟින් ඉන්නෙ." ඇදන් හිටිය ස්කූල් යුනිෆෝම් එකෙ උඩම බටන් එක ගලවලා මට බෙල්ල පෙන්නද්දි මන දැක්කෙ මූ කියවද්දි මෙච්චර සද්දෙ එන්නෙ ඔය ඇපල් ගෙඩිය ගොඩක් උල් නිසා කියලා.
"මට නිදාගන්න ඕනේ. ඉතින් ඔයා කාමරේ අතු ගාලා දාන්න හරිද? මම යනවා නාන්න..." ටවල් එකත් අරගෙන අරු නාන්න ගියා. කමක් නෑ උඹ ඉදපන්කො මේවට මම ඇරියස් අල්ලන්නම් නුවරඑළියෙ ගිහිල්ලා. හිත හදාගෙන ඉන්නවා නෙවේ එත් මට යන්නම වෙනවා කියලා දන්න නිසාම මම ඒකට හුරු වෙලා ඉන්නෙ.