අවුව පොඩ්ඩක් ඇගට වැදුනත් බණ්ඩාරවෙල සීතල ඇගම හිරී වට්ටලා තියෙන්නෙ.
"ඔයා වැඩිපුරම ආස නුවරඑළියෙ ඉන්නද? නැත්තම් උඩපුස්සැල්ලාවේද? මෙහෙද?"
"උඹට මොකටද ඒක"
"ගෙයක් ගන්න කැමති තැනින්."
"ශුවර්ද?"
"ම්ම්ම්ම් මම ඇයි බොරු කියන්නෙ."
"උඹ කොහෙද ඉන්න කැමති"
"මම පට්ටිපොළ ස්ටේශන් එකට කැමති, දියතලාවේ ඉන්න ආසයි. එත් මට ඒ සීතල එච්චර ඔරොත්තු දෙන්නෙ නෑ. ඉතින් මම කැමති නුවරඑළියෙම ඉන්න. හැබැයි නුවර ඉන්න ආසාවකුත් තියෙනවා. නුවර වැව වටේ."
"ඇයි බං සාරාංශෙන් කියන්න තියෙන දේවල් ජේද, රචනා කරන්නෙ."
"ඉතින් උඹ මගෙන් උත්තරයක් ඇහුවා."
"හරි ඇහුවා ඒ කියලා මම සිරසේ ලක්ෂපතිවත්, චන්දනවත් නෙවේ උඹේ හේතු අහන්න ලෑස්ති වුන."
"ටූන උඹ මනුස්සයෙක්ද?"
"නෑනේ... මාළුවෙක්..."
"ඒකත් ඇත්ත... උඹට මට ලව් කරනවා කියලා ගානක්වත් නෑ. ඔක්කොම කපලා දානවා.."
"මට ඕනේ උඹ ඉන්න තැන ඉන්න." මම ජනේල්ලෙන් එළියෙ බලන් අරු කියපුවාට උත්තරවත් නොදි කිව්වා. මම කිව්ව දේට උත්තර නොදි කෙල ගිල්ලේ නිකන් ඊලගට කියන්න ඕනේ දේ හිතනවා වගෙ. රතුම රතු වෙනවා. අනේ මම ඒ ලුක් එකට හරි ආසයි.
"ඔය හිනාව ලස්සනයි."
"මම හිනා වුනේ නෑ."
"ඔව්... ඔයා මේ වගෙ වේලාවට කවදාවත් හිතලා හිනාවෙන්නෙ නෑ. එත් මම ඒ හිනාවට ආසයි. ඒ හිනාවට ආසයි වගෙම ඒ හිනාව මම නිසා නිසාම මට තියෙන්නෙ ෆට්ට ලව් එකක් හිතේ. ඒක ඉතින් මෙහෙමයි මට කියන්න තේරෙන් නෑ උඹේ ඇතුලේ තියෙන ෆීලින් වලට උඹ උත්තර දෙනවා වගෙ ඒ හිනාවෙන්."
"ඉතින් ඒක කොහොමත් උඹේනෙ..."
"මොකක්ද?"
"මම..." මම වෙන මුකුත්ම කියන්න කලින් එළිය බලාගත්තා. හුස්ම නිකන් බය වෙලා වගෙ.
"එහෙනම් අපි කොළඹ ඉමු." ටික වේලාවක් කල්පනා කරලා දෙන්නම කාර් එකෙ තිබ්බ හිස් ගතිය නිසාම