මිනිහෙක්ට ඉන්නම ඕනේ වැටුන තැනක අපිව නැගිට්ටවන ආදරයක්. ලස්සන සුර දූතයෙක් වගෙ සතූ ඉන්නවා ලස්සනට හිනාවෙලා. එයාගෙ හිනාව දැන් නම් හෙනම බොරුවක්. එත් ඒ හිනාවේ ලුක් එකක් නැත්තෙම නෑ.
"ඉතින් අපේ කෙල්ලො පිස්සු වැටුන කොල්ලා දැන් ආදරේ කරනවද?" ඉන්ටර්වීව් ගර්ල් සතූගෙන් එහෙම ඇහුවාම කට කොනින් යන ඒ ලස්සනම හිනාව මම දැක්කා. ඉතින් ඒ තමයි සතූගෙ ඇත්ත හිනාව
"ඔව්... මම කරනවා."
"උත්තරයක් ඕනේත් නෑ හිනාවෙන්ම උත්තරේ ආවා..." කෙල්ල නෝන්ඩියට කියද්දි මම ඔහෙ සතූ දිහා බලන් හිටියා.. මගෙ පැත්ත බලන් ඉන්න එයාගෙ ඇස් දිලිසෙනවා. හරියට ඒ ඇස් හිනාවෙනවා වගෙ.
"ටකේෂ් සර් අපි නිවුස් පටන් ගන්න යන්නෙ. සර් එන්න ඕනේ.." විහගි කණ්නාඩි දෙකත් හද හද කිව්වාම මට දැන් යන්න වෙනවා කියන්න මම ඔලුවෙන් පෙන්නලා යන්න ගියා.
"අපි ටකේෂ් චැනල් එකට ආව එක මුලින්ම කියලා ඉන්න ඕනේ." මම යද්දි ශේහාන් ඩිරෙක්ටර්ට කියනවා මට ඇහුනා. සාමාන්‍යයෙන් එහෙම කරන්නෙ නෑ නේද? මොකද මිනිස්සු නිවුස් වල ඇතුලේ කෲ එක දන්නෙ නෑ. එත් ඇයි මෙයාලා මාව මර්කට් කරන්න හදනවා වගෙ මට හිතෙන්නෙ.
"ආ මේ ආවේ..."
"මොකක්ද ප්‍රශ්නේ."
"ටකේෂ්... අපි මුලින්ම හැදුවේ ඔයා තරුණයා එකෙන් මේකට ආවා කියලා කියන්න."
"එත් මම කරන පලවෙනි ආර්ටිකල් එක යන්නෙ අද. මම හිතන්නෙ නෑ ඒක කරන්න ඕනේ කියලා."
"එහෙම නෙවේ දැන් කොහොමත් තරුණයා එකට ඔයා නඩුවක් දාලා තියෙන්නෙ කියලා බහුතරේ දන්නවා. ඔයාගෙ ඉස්සරහා අනාගතේ අපි එක්ක අත් වැල් බැදන් ඉන්න බව මිනිස්සු දැනගන්න එක හොදයි නේද?"
"එත් නිවුස් අස්සෙ ඕක කියන එක විකාරයක් වගෙ නෙවේද? අනේ මන්දා?" ලංකාවේ චැනල් වලට මොනවා වෙලාද? මූන් නිවුස් කියන වේලාවට කියන්නෙ ඇත්තටම රටට වැඩක් ඇති දේවල් නෙවේ. ලංකාව මෙහෙම කුණු වෙන එක සාධාරණයි එක අතකට.
"හරි එහෙනම් මිස්ට ටකේෂ්ව වෙනමම ප්‍රෝගෑම් එකකට ගෙනියන එක හොද නැද්ද? අපේ සෝශල් මිඩීයාස් වල මේක ශෙයා වෙන තරමට ඒක හොද ඩිමාන්ඩ් එකක් එයි." මම දෙන්නා තුන් දෙනා මැද්දට වෙලා නිකන් ඉන්නෙ මම ආසම නැති දේක හිර වෙලා ඉන්නවා වගෙ. තරුණයා එකෙ දැනුන ඒ සතුට මට මෙතනදී නොදැනෙන්නෙ ඇයි කියලා මට හිතාගන්න බැරි වුනා. සමහරවිට මේ මම හොයපු ජිවිතේ නෙවේ.