කොළඹ ගිනි කාන්තාරේ මම තනිවුනා වගෙ දැනෙනවා. හිටපු තැනම ගල් වෙලා දුම් පිරුනු පරිසරේ දිහා කිසිම අදහසක් නැතිව බලන් ඉද්දිම දන්නෙ නැති නම්බර් එකක් මගෙ ෆෝන් ඩිස්ප්ලේ එකෙ දිලිසෙනවා.
"තරුණයාගෙ ටකේෂ්.... කොහොමද ඉතින්.... හොදින් ඉන්නවා කියලා හිතනවා... මොකො හිතෙන්නෙ.... තමුන්ගෙ මස්සිනා ඌ අතින්ම සොහොන රෙඩි කරගෙන යන්න ගියා.... පූහ්...." මොකක්ද නොදන්න නිසාම ෆෝන් එක කනේ ගහගෙන මම අහගෙන විතරක් හිටියා.
"කතා කරපන් බල්ලෝ.... උඹ නිසා මේ මාසෙක ඉදන් මම වද විදිනවා එකම කූඩුවක. මතක තියාගනින් ඔය උඹ පරිස්සම් කරන්න හදන එකාව මම පොලවට පස් කරලා දානවා... මගෙ ජිවිතේට ඇගිලි ගහන්න ආව උඹේ අවසාන ප්‍රාර්ථනාව තියාගනින්." ටූක් ටූක් සද්දෙත් එක්ක ෆෝන් එක කට් වෙද්දි ආයෙ හෝදන්න ඕනේ නෑ සාදී කියලා ටෲ කෝලර් වලම පේන්න තියෙනවා.
'හරිනේ තව එකෙක් කුලප්පු වෙලා...' බයක් කියන නාමයක් දැනෙන්නෙ නැති කාබේරියන් හිපාටුවෙක් වගෙ මම ෆෝන් එක දිහා බලන් ඉන්නෙ.
එහෙන්ම මම ගෙදර ගියෙ මිනිය ගේන්නෙ නුවරඑළියට වෙච්ච කොට සතූටත් මැසෙජ් එකක් දාලා. ඒ තප්පරේටම කෝල් එකක් සතූ ගත්ත නිසා earbuds දෙකට කනෙක්ට් කරගෙන කෝල් එක ආන්සර් කරා.
"කවුද කිව්වේ."
"අප්පච්චි..."
"මම ඔහෙ එන්නද ටූන..."
"එපා ඔහොම්මම මහ ගෙදරට යන්න. මම ගිහින් ගෙදර තත්ත්වේ බලාගෙන ඔහෙට එක්ක එන්නම්."
"බල කරන්න එපා.. එක්කො ටූන මම එන්නම්..."
"පිස්සුද බං... උඹ මෙහෙට එද්දි තවත් පැය 5,6ක් යනවා ඒ වෙද්දි මට ඔහෙට එන්න පුලුවන්. රසෙල් එක්කම ඉන්නවා..."
"මම ගැන හරි. එත් එතකොට උඹ ගැන මොකද?"
"යක්කු ගහලත් කෙලින් වෙන මං ගැන මොකටද බං බය වෙන්නෙ... පරිස්සමෙන් ඉන්න..." මම එයාගෙ උත්තරේ එන්නත් කලින් ෆෝන් එක කට් කරලා දැන්මා. බොරැල්ලේ ඉදන් සිද්දමුල්ලට එන්න පැයක් වත් අද නම් යන්න ඇති. ඔෆිස් ටයිම් එකත් එක්ක සෙට් වෙන කාලකණ්නි ට්‍රැෆික් එකට ශාප කර කරම මම 255 පාරට දැන්මා...