බර චෙලෝ හඩක් මට ඇහෙද්දි තවත් ඇහුනේ නෑ වගෙ මට නිදාගන්න ඕනේ. එත් මගෙ එලාම් ටෝන් එක ඒකත් නෙවේ. ඒ නිසාම පොඩ්ඩක් ඇස් ඇරියා. මෙහෙමනෙ ඔය සද්ද බද්ද, එළිය තියෙන තැන් වල මගෙ නින්ද ඉක්මනින් කැඩෙනවා. පත්තරේ රස්සාවට ගියපු දවසෙ ඉදන් එහෙමයි. මොනවා කරන්නද ඒක එකාකාරී වෘත්තීය අතුරු ප්‍රතිඵල.
මම නැගිටලා බලද්දි මගෙ එහා පැත්තෙ මනුස්සයා මාව බදාගෙන නිදි...
"සතු... සතු..."
"ම්ම්ම්ම්..." ආයෙත් මාව බදාගෙන නිදාගන්නවා. මූට නිදාගන්නම ඕනේ නම් අහවල් එකකටද එලාම් එක තිබ්බේ.
"නැගිටලා මේ එලාම් එක බලනවා." මම ටේබල් වොච් එක දිහා බලද්දි දැනටම 4.15යි. මූට ශූට් එකක්වත් තියෙනවද?
"සතු..."
"නිදාගන්න දෙන්න රසල්..." රසල්... මූගෙ අම්මට මැනේගර් වේවා මොකෙක් වුනත් මාව බදාගෙන ඉන්න ගමන් වෙන එකෙක්ගෙ නමක් කියන්න ලැජ්ජ නැද්ද මූට... අත් වල හිරි කඩලා මම කකුල් රෙඩි කර ගත්තා. කකුල් දිග ඇරලා එළියෙ දාන් හිටිය පස්සට පයින් එකක් ගැහුවා. සකලබුජන් ශෝට එක්කම සතු බිම
"මොන පක* ද බං කරන්නෙ. උදේ පාන්දර මෝල් අමාරුවද?"
"එලාම් එක වදිනවා." ඌ පස්සත් අල්ල අල්ල කෑ ගහද්දි මම ආයෙත් බෙට්ෂිට් එක පොරවගෙන නිදාගත්තා.
"ඕයිෂ්... අර සුගතම් 4.30ට ඇහැරෙන නිසා තිබ්බේ. දැන්ද මනුස්සයෝ නැගිට්ටවන්නෙ තව විනාඩි 5යි තියෙන්නෙත්." පුක ගිනි අරන් කුලප්පු වුන මී හරකා වගෙ ඇදන් හිටිය කොටු කොටු ශෝටත් පිටින් සතු කාමරෙන් දිව්වේ. හේයි.... හරිම මාන්දමිකයි. මම ජනේල්ලේ ලගට ගිහින් පල්ලෙහා බලද්දි මෙන්න අරු වෙව්ල වෙව්ල සීතලේම බොරලු පාරේ දුවනවා. අඩුම සෙරෙප්පු දෙකක්වත් දාගෙන යන්න තිබ්බා... පව් හිගන්නෙක් වගෙ හැබැයි... සැක්... කමක් නෑ තව ටිකක් නිදාගන්න ඕනේ...
මගෙ එලාම් එක ආයෙත් 6ට වද්දි මම විනාඩි 5ක් නිදාගන්න හිතාගෙන එලාම් එක ඕෆ් කරලා ආයෙත් ඇල වුනා.උදේ ඉදන්ම එක දිගට මගෙ ෆෝන් එක රින්ග් වෙනවා. නින්ද පොඩ්ඩක් හම්බෙනවා අඩු නිසා ඊයෙ රෑ 8ට මම ඇදේ හිටියත් පාන්දර වෙලා නිදාගත්තෙ. මෙහෙම ගියොත් කවුන්ට් එක බල්ලටම ගිහින් ආයෙත් ඇග ලෙඩ දෙන්න ගනි නින්ද නැති නිසා.