"මෝඩ ටූන.... මෝඩ ටූන.... නැගිටිනවා...." උදේම ඇහෙන කන්කරච්චලේට තව කොට්ටයක් කනට තද කරගෙන මම නිදාගන්න හැදුවාම තමයි මගෙ පස්ස රත් වෙන පාරක් වැදුනේ.
"නිදිමතයි."
"මම උඹට කිව්වේ නෑ මහ පාන්දර ගෙදර එන්න කියලා." මරලතෝනියෙන් සතූ කෑ ගහන්නෙ කේන්තියටම. රසෙල් එක්ක කේස් එකට සාක්ෂි හොයන්න ගිහින් මම ඊයෙ ගෙදර ආවේ පාන්දර 3ත් පහුවෙලා. හොදම දේ තමයි සතූට එන්න බැරි තරමට ඉවෙන්ට් එකෙ බිසි වෙලා තිබ්බ එක.
ලාවට එන ජෙස්මින් සුවදට ඉව කර කර හිටිය මගෙ ගාවින් ඒ සුවද එද්දි මම අත් දිග් කරලා සතූගෙ අත අරන් ඇදට ඇදලා ගත්තා.
"මොකද?"
"නිකන්..."
"නිකන්... තමුසෙට දෝණිවත් වැඩක් නැති වුනාද මේ මගුල් කේස් එකක් නිසා. මම කිව්වා ඔය නඩු ගැන ආයෙ හොයන්නෙ නෑ. මගෙ ලගට වෙලා පොතක් ලියනවා."
"නිකන් කියවන්න එපා. කට රිදෙන්නෙ නැද්ද?"
"රිදෙනවා... නැතුව හොදටම.... තමුසෙ වැහැරිලා ගිහින්. නින්දක්වත් නැතුව. අර රසෙල් නෙවේනෙ ඒ ගැන දුක් වෙන්නෙ...." මට නිකමට සතූගෙ කරච්චලෙත් මේ උදේ මිහිරි වගෙ දැනෙනවා. ඇයි දෙයියනෙ මේ මනුස්ස ලෝකෙ මේ වගෙ එකෙක් හිටියාම හොදටම ඇති. ප්‍රශ්න වවලා, ප්‍රශ්න කන්න...
"මොකද තමුසෙ හිනාවෙන්නෙ..."
"අනේ උදේම කුලප්පු නොවි ඉන්නවා හලෝ."
"ටූන අම්මපා උඹට බැරිද දැන් වත් ප්‍රයිවට් ලයිෆ් එකක් ගෙනියන්න." සතූ මගෙන් දරුණුවට අහන බව මට දැන් දැනෙනවා.
"මට වුන දේ වෙන පොඩි එකෙක්ට නොවෙන්න ඕනේ සතු... ඕක අමතක කරපන්. මොකද මට පුලුවන් වැඩ දෙක, තුන එක දිගට කරන්න."
"අනේ හෝම්ස් මහත්තයා එහෙනම් නැගිටිනවා... ඩ්‍රයිවර් වැඩේට යන්න." මගෙ ඔලුවට පාරක් ගහලා අරු මගෙ තොල් ලගට ලං වෙන්න ඔන්න මෙන්න තිබ්බේ.
"මාමි, බාප්පි ඔවාලා කෝ..."
"මූගෙ ආච්චිට...." මට මලම පැන්නා. ඇයි මේ පොඩි එකාට පැත්තකට වෙන්න බැරි.
"උඹේම පුතා බං ඌ නම්..." සතූ හිනා වෙවී ඇදෙන් බහිද්දි මම නැගිට්ටේ ජෝකා පිටින්මයි.