සීතල කියන්නෙම අදුරු, ගුප්ත මායා ලෝකයක්. කවුරුත් අකමැති සීතල අත් වලින් තුරුලු කර ගත්ත මිනිහෙක් මම. කොළඹ දූවිලි ගොඩක රස්නෙ මැදින් ඉද්දි අකමැත්තෙන්ම සීතල හරහා දවසක් ගියා... ඉතින් එතනින් පස්සෙ වෙනමම ලෝකයක්. කොල පාටින් පිරුනු ලෝකයක්, එළියත්, අදුරත් එකට මිශ්‍ර වුන හිත ඇදිලා යන ලෝකෙක මම සුසුම් තනි කරා...
මම වෙන්න ඕනේ, මම කොහොම වෙන්නද කැමති කියන එකවත් මත මාව තීරණේ වුනේ නෑ කියන්න මම දන්නවා... එක පුරුකට දම් වැලක් වගෙ ඇදිලා යන ප්‍රශ්න ගොඩක අතු අස්සෙන් මගෙ ජිවිතේ අවුරුදු 17දී මම පටන් ගත්තා වගෙ දැනෙනවා. මගෙ ළඟ හිටිය මිනිස්සු වෙනස් වුනේ නෑ, ඒ මිනිස්සු රග පාන එක අත්තැරලා දැන්මා විතරයි කියන්න මට දැන් හොදටම තේරෙනවා. ඉතින් තාමත් තුහින ටකේෂ් ජිවිතේ ඉගෙන ගන්නවා... හුස්ම අනතුරේ දාගෙන මම තාමත් ජිවිතේ අයදින මිනිස්සු ගොන්නක් අතරේ ජිවිතේ හොයනවා......
"ටෂි... දවස් ගානක් කොළඹ ඇවිත් එත් ගෙදර නාවේ මොකද?" සාලේ පඩි පෙල ලගම එල්ලලා තිබ්බ ගහක් දෙකට බෙදලා පෙනුන ගෝරිල්ලෙක්ගෙ මූණකුයි, කොටියෙක්ගෙ මූණකුයි එක්ක තියෙන ආර්ට් වර්ක් එක දිහා බලාගෙන දිග කල්පනාවක හිටිය මාව මේ ලෝකෙට ගෙනාවේ මම මේ වෙද්දි පැනලා යන්න දුවන කෙනා.
"ටෂි... මොකද දරුවෝ මේ..."
"දෝණි... දැන් කොහොමද?"
"මම හොදින්... එත් රුවන්ව බලන්න යන්න ඕනේ."
"දෝණි... ඔයා සතුටින්ද?"
"ටෂි... ඇයි මොකක්ද ප්‍රශ්නේ.."
"නෑ නිකන්... මට රුවන් ගැන කතා කරන්න ඕනේ නෑ වගෙ..." හිතේ තියෙන කණ්නාඩියෙන් කියන්න ඕනේ දේ බලලා මම කිව්වා...
"එක පාරට මොකද මේ..." දෝණි සුදු බෝලයක් වගෙ වෙලා, දැන් හරි ලස්සනයි ඇස් දෙකත් ඉදිමිලා වගෙ වුනත් ඒවා ලස්සනයි. මම කවදාහරි දෝණිගෙ රූපේ දිහා වුවමනාවකින් බලලා නෑ... එහෙන්මම මම දණ බිම තියලා දෝණිට වැන්දා...
"ටෂි මොකද මේ..." මාව නැගිට්ටවන්න උරහිස් වලින් අල්ලගෙන දෝණි එහාට මෙහාට වෙද්දි මම තාමත් ඒ කකුල් ළඟ වැදගෙන ඊලගට කරන්නෙ මොකක්ද කියලා හිතුවා. මෙහෙම වැන්දට පව් නැති කකුල් දෙකක් මේ...