'අයින් වෙයන්... මියුරු....' වෙනදා වගෙම බය හිතෙන චකිගෙ මූණ එක්ක මියුරුගෙ මූණ මැවිලා පෙන්න ගත්තා. මට හුස්ම ගන්න අමාරු වෙලා, එදා තිබ්බ අන්ධකාර හැගීම උඩට එද්දි. මම ගැස්සිලා නැගිට්ටා.
"ටෂි... ටකේෂ් නැගිටින්න..." මගෙ ශරීරේ හොලවනවා එක්කම ඇහෙන සනාගෙ හඩ මට අද ඉක්මනින්ම අදුර ගන්න පුලුවන් වුනා. කැඩි කැඩි ගොලු වෙන මගෙ හිතේ සිතුවිලි වලට ආයෙත් එඹුනේ සනාගෙ හිනාව. ඒකෙ මියුරුගෙ තිබ්බ කුහක කමවත්, මගෙමයි කියන මමත්ව පෙනුමක්වත් නෑ. ඉතින් හුස්ම හිර වුන මගෙ පපුවට තවත් වේදනාවක් දැනෙද්දි මම ඇස් ඇරියා.
"ඕහෝෂ් නැගිට්ටා..." මට වඩා සනාට දාඩිය දාලා.
"මොකො බය වෙලා..."
"මුකුත් නෑ ඔයා නිදාගන්න." සනා මට කියලා ඇදෙන් බහින්න හැදුවේ..
"කොහෙද යන්නෙ."
"එළියට... මට මෙතන ඉන්න අමාරුයි..."
"මමත් එන්නම්..." මම සනාගෙ අත අල්ලලා ඇදෙන් බැස්සා.
දොරත් ඇරගෙන මම එළියට යන්න මුලින්ම අඩිය තියද්දි සනා මගෙ පිටිපස්සෙන් ආවා. සිමෙන්ති අතුරපු මිදුල් කෑල්ලෙ ඒ හැටි ඇවිදින්න තැනක් වත් අපේ ගෙදර නෑ. නුවරඑළියෙ බංගලා වගෙ ලස්සන මල් ගස් මෙහෙ නෑ.
"ඔයාලගෙ එළියෙ වගෙ ලස්සන තැන් මෙහෙ නෑ... තියෙන්නෙ සිමෙන්ති විතරයි" මම සනාට කියලා එයා දිහා බැලුවා. කෝ යකෝ ඌගෙ දිහා බලන්නවත් ඌ කොහෙද කියලා පෙන්නෙ නෑ.
"ඒක ඇත්ත කිසි හුලගක්වත් නැ."
"මොකො කියන්නෙ පාර පැත්තට යමුද?" මම සනාට කියලා මහා පාර දිහාවට ගියා.
මහා පාන්දර වාහන එකක් දෙකක් ඇරෙන්න පාරේ නෑ. ලයිට් කණු දෙකක් විතරක් තිබ්බ අපේ පාරේ මේ වෙද්දි මොනම වාහනයක්වත් නෑ...
සනා කඩාගෙන බිදගෙන මහා පාරට යද්දි මට එයාව නවත්තන්න බැරි වුනා. වටේටම ගස් නැතත් බිත්ති වලින් වට වෙච්ච cctv හැංගුන, මහා රෝලර් ගේට් තියෙන තට්ටු තට්ටු ගෙවල් තියෙන්නෙ. තාර පාරේ උණුසුම එන්න එන්න දැඩි වෙද්දි මම සනා දිහා බැලුවා...
එයා මට ඉස්සරහින් ඉන්නවා මට පිටුපාලා. එයාගෙ මූණ මට නොපෙනුනත් එතන තිබ්බ පොඩි එලියට එයාගෙ කොණ්ඩේ දිලිසෙනවා. ඒ එක්කම එයා මගෙ දිහා එක පාරක් හැරිලා බලලා තෙහෙට්ටු මූණක් හදගෙන නෝර්මල් කට කොනින් දාන ඒ අමුතු හිනාව දාලා එයාගෙ කම්මුලේ ඩිම්පල් එක ඇක්ටිව් කරලා පෙන්නුවා. එයා කොච්චර ලස්සනද කියන්න මට වෙන දේවල් ඕනේ වුනේ නෑ. මහත අත් ගොබ වලින් එයා පොඩි හුලගට ඒ ඇස් වලට වැටෙන කොණ්ඩේ එක තැනකට ගන්න ෆයිට් කරනකොට මම එයා ලගට ලං වුනා.