මම බයික් එකෙ වට පිටාව චෙක් කරලා හෂිනිලාගෙ ගෙදර ගියෙ. එකි තාම ගෙදර කියලා කිව්ව නිසා. දෙපාරක් තුන් පාරක් හෝන් එක ගහනකොට මෙන්න එනවා ටිෂු එකකින් නහයත් ඇද ඇද.
"ඔයා ආවා..." රෝලර් ගේට් එකෙන් ඇතුලට බයික් එක දාලා මම කල්පනා කරේ මේකිට මොන ආච්චි වැහිලද කියලා. බයික් එකෙන් බැහැලා හෙල්මට් එක ගැලෙව්වා විතරයි මෙන්න මේකි වැලහින්න වගෙ අඩනවා...
"අනේ ටූන... බලන්නකො..."
"ටූන නොකියා ටෂි කියන්න." මේකි දුකින් ඉන්නවද නැද්ද කියන එකට වඩා වැදගත් වෙන්නෙ ඒකනෙ.
"ඒකද දැන් වැදගත්."
"ඔව් අනිවාර්යයෙන්... ටූන නැතුව ටෂි කියන්න"
"හරි ඒකත් ලේසි තමයි." හෂිනි දැන් අඩන්නෙ නෑ කල්පනා කරනවා. මම හිතන්නෙ දුක නැති වුනා.
"හරි දැන් මොකක්ද වුනේ.." මම ආයෙත් කතාවට ආවා.
"අනේ ටෂි බලන්නකො මාව කේස් එකෙන් අයින් කරානේ." මේ හොදට හිටිය එකි ආයෙත් අඩනවා. අඩනවා විතර නම් මදැ මගෙ ලගට ඇවිත් මාවත් බදාගත්තා.
"හරි හරි... වෙන කේස් එකක් දෙන්න ඇතිනෙ.. එහාට වෙලා කියන්න... එහාට වෙලා.." මම කෙල්ලව කූල් කරන ගමන් මගෙන් එහාට්ට කෙරේ හිත හදන ගමන්
"කොල්ලො කෙල්ලෙක්ව සනසන්න නම් බදාගන්නම වෙනවා..." දැන් මේකිගෙ තාත්තාවත් මේකෙන් අයින් කරා කිව්වනෙ. එහෙනම් මූ හිනා වෙද්දි මේකි වැලහින්න වගෙ අහන්නෙ ඇයි.
"මම සනසන්න දුර්වලයි..."
"මට තේරුනා... ඉතින් ඉතින් පුතා නිවාඩු දවසෙත් මෙහෙ..."
"මෙයා කෝල් කරලා එන්න කිව්වා..." ඒ මිනිහා හිනාවෙනවා. ඌගෙ දෝණි නැන්දා මාව බදාගන්න දත කද්දි.
"ඉතින් සර් අද මොකද තත්ත්වේ."
"මම මුල් ටික විතරයි කරේ. සමන් තමා ඉතුරු ටික කරන්න ඉන්නෙ.."
"මුල් ටිකෙ මොනවද විශේශ..."
"කලින් ඒවා වගෙම තමයි දරුවෝ. මේ මඩර් එකකට එකක් සමානයි." ඔව් ඉතින් මූ ඔහොම ශෝර්ට් ඇන්ඩ් සුවිට් කියන එකත් හොදයි නැත්තම් මුල ඉදන් රිපීට් කරනවනෙ.