" කෝ උඹලගේ විෂ් එක ??"
" සුභ උදෑසනක් ජේෂ්ඨ තුමනි... මේ කුණු නවකයාටත් එසේම වේවා...."
මාත් ඉතිම් ඇහෙන නොඇහෙන ගානට ඕක කියලා දැම්ම...... නැත්නම් උදේ පාන්දර කුණුහරුප ලොට් එකක් අහන්න වෙනවා......
අපි ඉතිම් එක වසරේ කුණු නවකයෝනේ...... 🥲👍...
හැමදාම ඉතිම් අර රැග් ඇදුමත් ඇඳන් යන්න ඕනි කැම්පස් එකට.... නිකම් නෙමේ හැමෝම එකට තනියම ගියොත් ඉතිම් බඩු බනිස්..... ඒ නිසා කොච්චර වේලාසනින් ලෑස්ති උනත් වැඩක් නෑ ..... මොකෙක් හරි ගෝතයෙක් නිසා හැමදාටම යන්නේ ලෙක්චර් එක පටන් ගන්න විනාඩියකට කලින්.......
ඒකත් කමක් නෑ කියමුකෝ..... බයෝ ලෙක්චර් හෝල් එක පෙනි පෙනී... වටේ පාරෙන් යන්න එපැයි ..... වැරදිලා හරි කෙටි පාරෙන් ගිහින් අහු උනොත් ආයේ වටේ පාරෙන් යවනවා..... හෙනම ගහපන් මේ සින්නොන්ට.......
ඒ ඔක්කොමත් හරි මෙඩිකල් සෙන්ටර් එක ගාව තියෙන තඩි මාර ගහට දොහොත් මුදුන් දීලා වඳින්නෝනි...... මේ ඔක්කොම කරනකම් අර වදකාර සීනියර්ස්ලා බංකු වල ඉඳගෙන බලාගෙන ඉන්නවා....... ඉදකින් ගස් ගෙම්බෝ......
මේ ඔක්කොම කරලා ලෙක්චර් හෝල් එකට එනකොට නම් හොඳ ගණන්..... ලෙක්චර්ස් නම් කමක් නෑ සමහර දවස් වලට ප්රැක්ටිකල් සෙට් වෙනවා.... එදාට නම් කකුල් නෑ වගේ ආපහු හොස්ටල් එකට යද්දී..........
" මේ තෙයුරි ඊයේ නෝට් එක දෙනවකෝ........"
" ඇයි තමුසෙත් ලෙක්චර්ස් ආවා නේද?? "
" අනේ මේ අනූ... පැනින්නැතුව ඉඳපන්....."
මං අනුමිගේ ඔලුවට එකක් ගහන ගමන් තෙයුරිගේ නෝට් එක ඉල්ලන් කටු සටහනක් දා ගත්තා ..... අනුමි නම් කියයි.... ඇයි යකූ කවුද මේ පාන්දරම Botany ලෙක්චර්ස් දාපු පරයා.... ඇයි වදේ....... ලෙක්චර් කාරයා කියවද්දී නිකම් ඇස් දෙක පියවෙනවා......
අනුමියි තෙයුරියි ගැන කිව්වොත් නම් දෙන්නම අපේ ස්කෝලේ.... ඒ නිසා අපි සෑහෙන්න කල් ඉඳල අඳුරනවා..... අනුමි හිතාගෙන ඉන්නේ ඒකි තෙයුරිගේ බොඩිගාඩ් කියලා ....... දෙන්න ඕනි ඕකිට කන පැලෙන්න ....... ඒ අතින් තෙයුරි..... සීදේවි කෙල්ල..... මගේ නෑනා පොඩ්ඩ.... මොකක්?? නෑ නෑ මුකුත් නෑ .... ඔන්න ඔයාලට එහෙම දෙයක් ඇහුන්නෑලු.... හරිද??
YOU ARE READING
නුඹ සිඹින්නේ මගෙ සිත විතරද?
Romanceදුක සිතෙන්නේ අපටම පමණද තව සුසුම් වල උණුසුම මොකටද මට තියෙන්නෙ තනිකම තනියට ඔබ සිඹින්නෙ මගෙ සිත විතරද සසින් චාරුක