81

1.3K 89 5
                                        

ළමයි.... මං මීට කලින් කවදාවත් දිනුගගේ pov එකක් දීලා නෑ....... ඒත් ඉස්සරහට තියෙන චැපි දෙකක් හෝ තුනක් වගේ මං ඔයාලට දිනුගගේ pov එකක් දෙන්නේ.... මට වෙලාවකට මේ කතාවම දිනුගගෙ pov එකෙනුත් ලියන්න හිතිලා තියෙනවා ..... ඒත් මං හිතන්නෑ ඒක පුලුවන් වෙයි කියලා..... මං කොයි වෙලේකවත් දිනුගගේ pov එකක් නොදුන්න හෝතුවත් මේක කියවද්දි ඔයාලට තේරෙයි.......

......................................................

" දිනුග ...... හුත්තෝ..... මොකද මේ??? මොකක්ද තමුසෙට උනේ??"

මං බෝඩිමට ගොඩ වෙද්දිම නෙතිරු දුවන් ඇවිත් මාව අල්ල ගත්තා....... මං කොහොමද එයාව අමතක කරන්නේ.... මං බෝඩිමට ආවේ කොහොමද කියලා දන්නේ උඩ ඉන්න දෙයියොම විතරයි....

" එයා ..... යන්න ඕනි..... කියනවා...... නෙතිරු...... මට බැහ් එයාට යන්න දෙන්න..."

" කවුද?? මොනාද?? මුලින්ම උඹ ඉඳගෙන පොඩ්ඩක් සංසුන් වෙයන්.... වෙලා කියපන් මොකද උනේ කියලා..."

" නෙතිරු... සසින් කියනවා... එයාට මාව එපාලු..... සම්බන්දේ නවත්තමුලු.... මං කොහොමද බන් ඒක කරන්නේ..... උඹ දන්නවනේ.... ඒ පොඩි එකා මගේ ජීවිතේ බන්...... මං කොහොමද ඌට යන්න දෙන්නේ....??"

" සසින් විහිලුවක් කරා වෙන්න බැරිද දිනුගයා... ඌ උඹට පණ ඇරලනේ..."

" මං ඒක දන්නවා බන්..... ඌ නවත්තමු කිව්ව වෙලෙත්.... ඒ හිත උතුරන්න ආදරේ තිබ්බා..... මට ඒක දැනෙනවා බන්... මොකද ඌ මගේනේ......"

' එතකොට නවත්තමු කිව්වේ??"

" මං දන්නෑ බන්..... ඌ මට කියන්නෑ... මගේ මෙතන කකියනවා ඕයි....... "

නැවතෙන්නෙම නැතුව තාමත් රිදෙන මගේ පපුවේ වම් පැත්තට ඇඟිල්ල තියන ගමන් මං නෙතිරුට කිව්වා.....

" ඒ මෙනුලයා පොඩ්ඩක් වරෙන්කෝ....."

" ඕ....... මොකද හුත්..... ඒ මචං දිනුගයා මොකද මේ?? උඹට මොකක් හරි අසනීපයක්ද??"

" මචං මේ සසින්ගේ පොඩි කේස් එකක්.."

නෙතිරු මෙනුලට වෙච්ච දේ පැහැදිලි කරද්දි.... මං ඇස් දෙක පියා ගත්තා..... මගේ හිතේ එතකොටත් මැවෙන්නේ ඒ දිලිසෙන තරු ඇස් දෙක..... ඒ ඇස්වල දිස්නෙත් වහගෙන තිබ්බ වේදනාව..... කවුද මගේ මැණිකෙට ඔච්චර වේදනාවක් දුන්නේ???

නුඹ සිඹින්නේ මගෙ සිත විතරද?Where stories live. Discover now