"සසින් ජැකට් එකක් ගෙනාවනේ?? "
සසින්, නදුන්, දිනුග වගේම නෙතිරුත් පාන්දර තුනට Zoology department එක ගාවට ආපු වෙලේ දිනුග සසින්ගෙන් ඇහුවා........ ඇත්තටම මේ ගමනට සසින්වයි..... නදුන්වයි.... තනියම යවන්න බැරි නිසාම මිසක්.... මැත්ස් කරන දිනුගයි... නෙතිරුයි.... මේ ගමන එන්නෑ.......
" ඕ අයියා?? "
" ගෙනාවා සසින්..............."
Head of the Department මැඩම් ඇවිත් උපදෙස් දුන්නට පස්සේ... හැමෝම පොඩි බස් එකට නැග්ගේ.... අලි ගණන් කරන්න කිලිනොච්චියට යන්න වෙන නිසා............ සසින්...... දිනුග...... නදුන්.... නෙතිරු අතේ ඊයේ අයුමියි.... තෙයුරියි.... පන්සල් ගිහින් අරන් ඇවිත්.... බැඳපු පිරිත් නූල් ටික තිබ්බා......
කැම්පස් එකෙන් හතරට විතර පිටත් උන බස් එක... කිලිනොච්චිය කැලේට එද්දි උදේ හය විතර උනා........ ටැමිල් සිංහල ළමයින්ගෙන් මික්ස් වෙච්ච ඒ කට්ටියව.... එතන ගයිඩ් කණ්ඩායම් දෙකකට බෙදුවා....... දිනුගයි... සසිනුයි.... නදුනුයි..... නෙතිරුයි...... 4th yr අයියලා දෙන්නෙකුයි.... වනජීවී එකේ දෙන්නෙකුයි එක කණ්ඩායමකට වැටුනා......... කැලේට යන්න කලින් උපදෙස් දුන්න ගයිඩ් හැමෝටම හෙඩ් ටෝච් එකක් වගේම වෝකිටෝකි එකක් දුන්නා...........
දවල් වරුවෙ පහළට වෙලා ගත කරපු කට්ටිය...... හවස් වේගෙන එනකොට ගස් උඩට නැග ගත්තේ....... ආරක්ශාවට........... සසින්ව පරිස්සමෙන් ගහට නග්ගපු දිනුග...... සසින්ගේ අත්තට ළඟ අත්තකම ඉඳ ගත්තේ..... දිනුග ආවේ අලි සංඝණනේ කෙසේ වෙතත් සසින්ව ආරක්ශා කරන්න නිසා......
එදාත් කිසිම අලියෙක් හම්බ නොවුන නිසා සසින්ටත් වඩා නදුන් හිටියේ හෙනම අවුලෙන්..... පොරට එක අලියෙක් හරි බලාගන්න ඕනි උනා........
" මං හිතුවා මුන් අපිව උස්සන් ආපු විදිහට මට ගණන් කර ගන්න බැරි තරමට අලි ඉඳී කියලා......."
" ඒකනේ නද්දා..... දැන් හවස් වේගෙනත් එනවා..... හෙට උදේම අපි යනවත් එක්ක...... තාම අලියෙක් නෑනේ........."
" ඒක නෙමේ සසින්...... මට හෙන ප්රස්නයක් තියේ..........."
" මොකක්ද මගේ මී බෙට්ට???"
" අපි දැන් එක අලියෙක් ගැන්නා කියමුකෝ.... "
" ඕ.............."
YOU ARE READING
නුඹ සිඹින්නේ මගෙ සිත විතරද?
Romanceදුක සිතෙන්නේ අපටම පමණද තව සුසුම් වල උණුසුම මොකටද මට තියෙන්නෙ තනිකම තනියට ඔබ සිඹින්නෙ මගෙ සිත විතරද සසින් චාරුක
