29

582 35 10
                                    

(නදුන් Pov)

මං නාවක්කුලියෙන් ආපු වෙලේ ඉඳලා වෙලාවක් හොය හොය හිටියේ සසින්ට නෙතිරු අයියා ගැන කියන්න.. මොකද ඒ ගමන ගිහින් ආවට පස්සේ සසින්ගේ මූණේ තිබ්බේ සතුටුදායක පෙනුමක් නෙමේ නිසා...

“ සසින් මට උඹ එක්ක කතා කරන්න දෙයක් තියෙනවා......”

“ ඕ කියන්න නද්දා... මාත් ටික දවසක ඉඳලා බලන් හිටියේ උඹ වෙනස්.........”

“ වෙනස් කිව්වේ?”

“ වෙනදා තිබ්බ ප්‍රිය මනාප පාට ඔයාගෙන් ඈත් වෙලා වගේ..... “

“ එහෙම එකක් නෑ.....”

“ මං දන්නවා උඹ ඉන්නේ ප්‍රශ්නෙක කියලා....... මං මොකක්ද මොකක්ද අහ අහා කරදර නොකරේ උඹම ඒක මට කියනකම්... මොකද කියන්න ඕනි එකක් නම් උඹ මෙලහකටත් මට කියලා..”

ඇත්තටම ඒක නෙමේද යාලුකම කියන්නේ?? තමන් කියන්නත් කලින් තමන්ව තේරුම් ගන්න එක?? ඒ අතින් සසින් කියන්නේ මට ඉන්න හොඳම යාලුවා... ඔව් කිසිම ලෝභ කමක් නැතුවට මට එයාට හොඳම යාලුවා කියලා කියන්න පුලුවන්...

“ ඒක මේ නෙතිරු අයියා ගැන......”

“ ඇයි මොකක් හරි වලියක් දා ගත්තද දෙන්නා??”

“ එහෙමත් නෙමේ ...”

“ එහෙමනම්??”

“ මං හිතන්නේ නෙතිරු අයියා වෙන කෙනෙක්ට කැමතී.........”

“ සිරාවට?? නෑ වෙන්න බෑ....... මං නෙතිරු අයියා වෙන කවුරුත් එක්ක ඉන්නවා දැකලා නෑනේ......... උඹ හිතනවා වැඩී නද්දා......”

“ මාත් මුලින්ම හිතුවේ එහෙම සසින් ඒත් මට එයාගේ හැසිරීමෙන් තේරෙනවා එයා ඒ කෙනාට ගොඩක් ආදරේ ඇති කියලා..”

“ ඒ නද්දා...... උබට අවුල් නම් අඬපන්... මං විතරනේ.... අනික මං ඉන්නවනේ උඹට....”

“ පිස්සුද මට දුක නෑ......”

“ නද්දා..... උඹ මටනේ බොරු කරන්නේ... උඹට දුකක් නැති වෙන්නේ කොහොමද?? උඹ නෙතිරු අයියට ආදරේ කරා කිව්වේ ඇත්තටමනේ...”

“ ඔව්.......”

මං කොහොමද සසින්ට කියන්නේ... නෙතිරු අයියා කියන්නේ මගේ ජීවිතේ කියලා.... එයාට මගේ හිතේ තියෙන්නේ නිකම් ආදරයක් නෙමේ කියලා... ඒක ඔහේ ඇති වෙලා නිකන්ම නැතුව යන ආදරයක් නෙමේ කියලා....... ඒක හරියට ලොකු මුලක් තියෙන ලොකු ගහක් වගේ ආදරයක්... කඳෙන් කොච්චර කැපුවත්.. දලු දාලා වැඩෙන ආදරයක්.... මුලින් උදුරලා දාන්න අමාරු ආදරයක්.... ඒත් මේ වෙලේ ඒ හැඟීම් එළියට දැම්මොත් අනිවාර්‍යෙන් සසින් නෙතිරු අයියව තෝර ගන්නේ නෑ... මං නිසා....

නුඹ සිඹින්නේ මගෙ සිත විතරද?Where stories live. Discover now