72

1.7K 95 8
                                        

" සසින් අද කැන්ටිමේදි මොනාහරි උනාද??"

හවස ලෙක්චර්ස් ඉවර වෙලා එන ගමන් හිටපු සසින්ලගේ සෙට් එක ඉස්සරහට ආපු දිනුග අයියා අහපු ප්‍රශ්නෙයි... අහපු විදිහයි නිසා සසින් විතරක් නෙමෙයි අනිත් සෙට් එකත් ගල් ගැහුනා.....

" අහ්..... මේ අයියේ ඒක......."

" මචං සන්සුන් වෙයන්..... එහ් දිනුග..... කොහෙද යන්නේ.....  ඕයි...."

දිනුගගේ පස්සෙන්ම ආපු නෙතිරු දිනුගව සන්සුන් කරන්න හැදුවත්..... සසින්ගේ අතින් අල්ල ගත්තු දිනුග සසින්ව ඇදන් යන්න ගියා......

" මෙහ්.... සසින්..... මොකක් හරි වැරැද්දක් කරලා ඇති.... මචංලා හිතන්න එපා...... අපි පානිපූරි කමුද??"

නදුන් එතන හිටපු සෙට් එකව ඇදන් පානිපූරි කඩේට ගියේ..... උන් ටික බය වෙලා සසින්ලා ගිය දිහා බලන් හිටපු නිසයි........

" අද මොනාද උනේ??"

" එච්චර දෙයක් උන්නෑ අයියේ තරහා ගන්න එපා........"

" එච්චර දෙයක්ද නැද්ද කියලා.... මං තීරනේ කරන්නම්කෝ....... සසින් මට මුල ඉඳලා කියන්න මොකද එතන උනේ???"

සසින් කිසිම අඩුවක් නැතුව ගජා අයියයි එයාලගේ සෙට් එකයි අතර උන දේවල් දිනුගට කිව්වා..... ඒ කියන කියන දෙයක් ගානේ දිනුගගේ ඇස් රතු වෙනවා සසින් බලාගෙන.......

" ඕකුන්ට මම............."

" අයියේ රණ්ඩු වලට යන්න එපා නේ....."

" ඒත් සසින් උන්ට සමාව දෙන්න දෙන්න උන් කරේ නගිනවා....."

" බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නෑනේ මගෙ අයියේ..... අපි ඕක අමතක කරලා දාමු......."

" අමතක කරන්න තිබ්බා සසින්.... ඒක මට උන දෙයක් නම්.... හැබැයි ඒක උනේ උඹට......."

ඉස්සර රැග් කාලේ දිනුග සසින්ට උඹ තමුසේ කියලා කතා කරත්..... සසිනුයි... දිනුගයි ආදරේ කරන්න පටන් ගත්තට පස්සේ ඒක නැති උනා..... ඒත් දැන් දිනුගගේ කටින් ආයේ එහෙම පිට වෙනවා කියන්නේ දිනුග ඉන්නේ හොඳටම කේන්ති ගිහින්.... සසින් බය උනෙත් ඒකයි...... දිනුග කියන්නේ ඉවසීමක් තියෙන මනුස්සයෙක් උනත් ඉවසීම පැනපුවාම දිනුග කියන්නේ තිරිසනෙක්ටත් අනිතයි කියන්න සසින් හොඳාකාරවම දන්නවා.......මොකද... එකම එක වතාවක්....... දිනුග ළමයෙක්ට ගහනවා සසින් දැකලා තිබ්බා....... ඒ ළමයා හොස්පිටල් ඇඩ්මිට් වෙන්නත් දිනුග සතියකට සස්පෙන්ඩ් වෙන්නත් ඒ රණ්ඩුව දරුණු උනා....

නුඹ සිඹින්නේ මගෙ සිත විතරද?Where stories live. Discover now