36

603 47 18
                                    

කෝච්චියේ යන ගමනුත් මං කල්පනා කරේ මං තූර්ෂ අයියට කරපු දේ හරිද කියලා....... තූර්ෂ අයියා දිගින් දිගටම මට දිනුග අයියගේ වැරදියි...... එයාගේ affair එක ගැනයි කිව්වා..... ඒකෙන් එයාට ඕනි උනේ මගේ හිත හදන්න උනත් උනේ... මගේ හිත තව තවත් පෑරෙන එක...........

මේ ලෝකේ කවුරු උනත් කැමැති නෑ තමන් ආදරේ කරන කෙනාගේ වැරදි අහන්න..... ඒ කෙනාට වෙන කෙනෙක් බනිනවා අහන්න..... දිනුග අයියා මට හිමි උනා හෝ නැතා ඒ මං අවුරුදු හතරක් තිස්සේ ආදරේ කරන මනුස්සයා..... මං කොහොමද තූර්ෂ අයියා එයාට බනින දේවල් අහන් ඉන්නේ???

මං ආයේ බ්ලෝක් කරපු තූර්ෂ අයියගෙයි මගෙයි චැට් එක දිහා බැලුවා......

" මල්ලි.... දිනුග ඔයා හිතන තරම් හොඳ චරිතයක් නෙමේ....."

" අයියේ......."

" නෑ ඌ සමාධිව රූම් අදිනවා අපේ උන් දැකලා තියෙනවා ....... "

" අයියේ ඔයා දැකලා නෑනේ......"

' නෑ මල්ලි..... මට කිව්වෙ විශ්වාසවන්ත  මනුස්සයෙක්...... බැටලු හමක් පොරව ගත්ත නරියෙක් ඕකා.........."

" අයියේ........ ඔයා මගේ අයියා බව ඇත්ත........ ඒ උනාට මං කැමැති නෑ මගේ දිනුග අයියට කවුරුත් ඔහොම කියනවට....... ඔහොම කිව්වා කියලා මං එයාව අත ඇරලා ඔයාට ආදරේ කරන්නේ නෑ........ දිනුග අයියා ඇවිත් මල්ලි මට ආදරේ කරන්න එපා මට කෙනෙක් ඉන්නවා කියනකම් මං එයාට ආදරෙයි....... එදත් අදත් ඉස්සරහටත් මගේ තේරීම දිනුග අයියා විතරමයි....... එච්චරයි............"

You Block this contact. Tap to unblock

තූර්ෂ අයියා මුකුත් කියන්න කලින්ම මං එයාව බ්ලොක් කරා....... මට සමාවෙන්න අයියේ.... ඒත් මං දිනුග අයියට නොසෑහෙන්න ආදරෙයි...........

හැමෝම කියනවා ඒක පාර්ශ්වික ආදරේ හරි ලස්සනයි කියලා...... හිමිවීමක්වත් .... ලැබීමක්වත් නැති.... ආර්ත්මාර්ථකාමී නැති ආදර කතා..... ඒත් කවුරු කොහොම කිව්වත් ආදරේ කියන්නේ තනියම කරන්න පුලුවන් දෙයක් නෙමෙයි......... ඒක කරපු අයම විතරයි දන්නේ ඒකපාර්ශ්වික ආදරේක තියෙන විරහව.... දැක දැකත් අයිති කර ගන්න බැරි එකේ වේදනාව ....... ඒක හරියට අපි කන්දකින් පල්ලෙහාට වැටෙද්දි උදව්වට දාපු ලණුව අතේ වැදීගෙන ගියත් අල්ල ගන්න බැරි වෙනවා වගේ හැඟීමක්.........

මං යන්තම් එලිවෙනකොට පේන දම්පාටට හුරු වට පිටාවත් එක්ක ඇස් හුරු කරන් ජනේලෙන් එළිය බැලුවා.... තව පැය දෙක තුනකින් කෝච්චය පොල්ගහවෙල ස්ටේෂන් එකෙන් නවත්තයි..........

යාපනෙන් රෑට කොළඹට තියෙන නයිට් මේල් එකේ තමා මං ගෙදර එන්න ආවේ....... යාපනෙන් රෑට නැග්ගට මොකද ගෙදරින් බහිද්දි නම් ඊළඟ දවසේ උදේ වෙනවා....... පැය 10ක විතර ගමනක් නිසා පොල්ගහවෙලින් බහිද්දි එලි වෙනවා........

එලි උන නිසා මං ස්ටේෂන් එකෙන් බැහැලා Pick me එකක් දාගෙනම ගෙදර ගියා.... ස්ටේෂන් එකේ ඉඳලා අපේ ගෙදරට ලොකු දුරක් තිබ්බේ නෑ... අනික ඉතිම් සතියෙම රෙදි ටික ගෙදර උස්සන් එනවා ඉතිම් හෝදන්න...........

" අම්මා මං ගෙදර ආවා..............."

මං ගෙට ගොඩ උනේම අම්මට කතා කරගෙන..... තාත්තා නැති උන දා ඉඳලා ගෙදර පාලුවක් තිබ්බත් අම්මා කවදාවත් මට ඒ අඩුව දැනෙන්න තිබ්බෙ නෑ......

" රන් පුතා....... මැණිකේ මේ බලන්නකෝ කවුද ඇවිත් තියෙන්නේ කියලා......."

අම්මයි අතම්මයි තමා මගේ මුලු පවුලම උනේ..... අතම්මා කිව්වට එයා අපේ තාත්තගේ අම්මා...... ඒ කියන්නේ අපේ අම්මගේ නැන්දම්මා....... ඒ උනාට ඒ දෙන්නා සෑහෙන්න එකතුයි...... අතම්මා අපෙ අම්මට කියන්නෙත් මැණිකෙ කියලා..........

" සුදු පුතා....... ඇයි මේ කියන්නැතුව ඇවිත්??"

" එන්න හිතුනා ආවා........ ස්ප්‍රායිස්......."

" මුකුත් ප්‍රශ්නයක්ද මයෙ පුතේ??"

ඒ අයට අම්මලා කියන්නේ නිකම්යෑ.... අපි හැරෙද්දි තේරෙනවා........ එහෙම හැකියාවක් වෙන අයටත් තිබ්බා නම්....

" නිකම් මයේ අම්මේ...... ඇයි දැන් මං එන්න එපාද??"

" ආවට කමක් නෑ කියලා එන්න.... ආයේ තනියමනේ එන්නේ...... මගින් මොනාහරි උනත් අපි දන්නවයෑ......."

" හරි හරි සුදු මැණිකේ...... කෑ ගහන්න එපා....... මීට පස්සේ කියලා එන්නම්කෝ......"

" ගිහින් ඇඟ හෝදන් පහළට එන්නකෝ...... මං කන්න බෙදල තියන්නම් පැය 10ක් විතර ඇවිත් බඩගිනිත් ඇතිනේ......."

ඇත්තටම ගෙදර ආවම මට ප්‍රශ්න අඩු වෙනවා....... ඒ නිසා හිත රිදුන ගමන්ම මං කරන්නේ ගෙදර එන එක.......

🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️

අනේ කට්ටිය කියනවා දිගට ලියන්නලු..... 🥲🥲🥲 ඒ උනාට දිගට ලියද්දි මට අදහස් එන්නෑනේ......... අනික කම්මැළි හිතෙනවා ......... දෙවෙනි ඉනිම වගේ වෙයි කියලා භයයි එතකොට.........

නුඹ සිඹින්නේ මගෙ සිත විතරද?Where stories live. Discover now