" මෙහ් 3rd yr රෙපා යාලු කොල්ලෙක් එක්කලු....."
" අඩෝ ඌ හෙන ගැම්මට හිටියනේ... "
" ඊයා ඒ කියන්නේ ඌත් සමනලයෙක්ද?"
" ඒක තමා එහෙමනම් ඌ කෙල්ලො එක්ක වැඩියේ නොයන්නේ...."
" අර පැංචා මල්ලි එක්කලු යාලු....... "
" ගගේ කටු උල් කරන්න ඕනි නෑ කියනව වගේ... පැංචා කාඩ් එක නියම එකාට දීලා තියෙන්නේ...."
" පැංචා කියන්නේ සමනළ කාඩ් එකක්.."
සතියක් ඇතුලත කැම්පස් එක පුරාම සසිනුයි... දිනුගයි යාලුයි කියන එක ගියේ ලැව් ගින්නක් වගේ..... ගොඩක් අය සසින් වගේම දිනුග එක්ක ආශ්රයත් නවත්තලා තිබ්බා....... ඒ වගේම අහු මුලු වල නැතුව සසින්ගේයි දිනුගගෙයි මූණටමත් කැත කතා කියන්න කට්ටිය පසුබැස්සෙ නෑ..........
" මොකක් තමුසේ දැන් වෙන බෝඩිමකට යන්නද යන්නේ??"
" ඔව් මට මේකේ ඉන්න බෑ......."
සසින් හිටියේ තමන්ගේ කාමරේට වෙලා බෝඩිමේ සාලේ වෙන දේවල් අහගෙන.....
" පොන්න වැඩ කරන්න එපා ඕයි.... තමුසේ ගියාම අපේ බෝඩින් ගාස්තු වැඩි වෙනවා කියලා දන්නැද්ද??"
" පොන්න වැඩ කරන්නේ මම නෙමෙයි ඕයි..... අර ඇතුලේ ඉන්න සමනලයා...."
" හසරංග!!!!"
සඳුන් වගේම නදුනුත් කෑ ගැහුවේ මේ දේවල් සසින්ට ඇහෙන බව හොඳටම දන්න නිසා..........
" මොකද තමුසෙලත් ඌට සපෝට් උනාට මට එහෙම ඉන්න බෑ....."
" යකෝ යාලුවෝ කියන්නේ අනිත් එකාගේ අමාරු වෙලාවල් වලදි ඌත් එක්ක ඉන්න එක...."
" උඹල ඕනි නම් ඌව යාලුවෙක් කරන් හිටපන්.... මට බෑ කොලුකාරයොන්ව යාලුවෝ කර ගන්න..... යකෝ කැම්පස් එකට යන්න බෑ අනිත් උන් අපි දිහා බලන්නෙත් කොලුකාරයෝ ගානට.... බල්ලෝ එක්ක ලැග්ගොත් මැක්කො එක්ක නැගිටින්න වෙන්නේ.... ඒක මතක තියා ගනින්......"
" උඹ පළයං.......... යමං........ එන්න එපා මේ පැත්තෙවත්..... "
" යනවා තමා.........."
" උඹ වගේ කුහකයෝ කොහොමත් ඕන්නෑ...... උඹට Chemistry කුප්පි දා ගන්නකොට ඔය මඟුල් පෙනුන්නෑනේ.... යකෝ උඹ ඔය සමනලයා කියලා බනින එකා නාන්න යන්න ඇඳන් හිටපු ජොකා පිටින් උඹට දවසක් බන්..... දවසක්ම කුප්පියක් දැම්මා........... කෙලෙහි ගුණ නැති පකයා...."
YOU ARE READING
නුඹ සිඹින්නේ මගෙ සිත විතරද?
Romanceදුක සිතෙන්නේ අපටම පමණද තව සුසුම් වල උණුසුම මොකටද මට තියෙන්නෙ තනිකම තනියට ඔබ සිඹින්නෙ මගෙ සිත විතරද සසින් චාරුක
