සසින් pov
නද්දා කිව්ව විදිහටම හවස මං තෑග්ග අරින්න කලින් ඇඟ හෝදගත්තා..... මට හිතෙන්නෙම ඇරියාම මොකක් හරි එලියට විසික් වෙලා මාව නෑවෙයි කියලා..... ඒත් කමක් නෑ පොඩි එකාගේ ආසාවනේ කියලා මං ඇඟ හෝදන්ම ආවා..... දැන් මගෙ ඇඟේ තුවාල සෑහෙන්නම වේලිලා නිසා අපි දෙන්නා ලබන සතියේ ඉඳලා ආයේ කැම්පස් යන්න තමා හිතන් ඉන්නේ.......
" ඇඟ හේදුවද???"
මං කොණ්ඩෙත් පිහ පිහ එළියට එන දිනුග අයියගෙන් ඇහුවා.... මෙහෙමයි... මං දන්නවා නද්දා මොනාහරි කුප්ප වැඩක් කරලා තියෙන්නේ කියලා.... ඒත් එහෙමයි කියලා තනියම පරිප්පුව කන්න බෑනේ.... ඒ නිසාම මං දිනුග අයියටත් ඇඟ හෝදන් එන්න් කිව්වා.....
අපි දෙන්නා කපල් එකක් තමා.... ඒත්... මට තුවාල නිසයි... තාම අපි දෙන්නගේ හිතේ කැලැල් 100%ක්ම හොඳ නැති නිසයි අපි නිදා ගත්තේ කාමර දෙකක....
මට ඒ දුරස්බව නැතිකරන්න ඕනි.... ඒත් ඉතිම් 10%ක විතර මගෙත් වැරැද්දක් තියෙනවනේ..... දැන් අහන්න එපා ඉතුරු 90% කවුද කියලා...... ඉතුරු සීයට අනූවම අර සමාධියි... කැම්පස් එකේ අයයි....... ලෙක්චර්ස් ලයි........ ඩීනුයි..... මේ රටේ අධ්‍යාපන ක්‍රමයෙයි.... එහා ගෙදර ටොමියයි..... මහින්ද මහත්තයයි.... ඇයි ඔයාලා ඔයාලත් ඒ 90%ට එකතුයි.... මං තරහයි මුලු ලෝකයත් එක්කම....
කොහොම හරි ඉතිම් නාලා කරලා ආවම සුදු මහත්තයා මාරම ලස්සනයි ....... දුකෙත් බෑ දැන් මොකක් හරි තලපයක් කන්න උනොත් එහෙම......
" මොකක්ද දැන් කරන්න තියෙනවා කිව්වේ....??"
" පොඩි බඩ්ඩක්.... ළඟට එන්නකො...."
" ම්ම්..........."
මං දිනුග අයියගේ පැත්තට කරලා පෙට්ටිය අල්ල ගත්තා.......
" මේ මොකක්ද.....??"
" ඕක ලිහන්නකෝ..... ඕක ඇතුලේ තමා වෙන්න ඕනි දේ තියෙන්නේ......."
මං ඉතිම් කෝකටත් කියලා තෑග්ග දිනුග අයියට අරින්න කියලා අඩියක් දෙකක් ඈතට වෙලා ඇස් දෙක පියා ගත්තා " චොක් .." ගාලා සද්දයක් එනකම්.....
" සසින්........"
" හරිද???"
මං ඇස් පියන් හිටියේ තාම සද්දයක් ආපු නැති නිසා.....
YOU ARE READING
නුඹ සිඹින්නේ මගෙ සිත විතරද?
Romanceදුක සිතෙන්නේ අපටම පමණද තව සුසුම් වල උණුසුම මොකටද මට තියෙන්නෙ තනිකම තනියට ඔබ සිඹින්නෙ මගෙ සිත විතරද සසින් චාරුක
