සඳ සේ බැස නොයා
මගෙ ලොවේ රැඳේ නම්
කඳුලේ දුක දරා
ඔබෙ නමින් හිඳින්නම්
ඔබෙ දෑසේ...
රැඳෙන්නම්, මියෙන්නම්පැතුමන් බිඳ දමා
ඔබ නොයා හිඳීනම්
සිත පුරා මා වෙලෙන්නම්
දෑස සේ රකින්නම්
මගෙ සුහදේ...
සනසන්නම්, සැනසෙන්නම්පබළු මල් මාවතේ
ඔබෙ දෑතේ වෙලී
ඇවිදන් යන්න ඇත්නම් පෙර වගේ
සොන්දුරුයි ආදරේ
හිමිවුනා සේ දැනේ
ඔබ සදා...සඳ සේ බැස නොයා
මගෙ ලොවේ රැඳේ නම්
කඳුලේ දුක දරා
ඔබෙ නමින් හිඳින්නම්
ඔබෙ දෑසේ...
රැඳෙන්නම්, මියෙන්නම්පැතුමන් බිඳ දමා
ඔබ නොයා හිඳීනම්
සිත පුරා මා වෙලෙන්නම්
දෑස සේ රකින්නම්
මගෙ සුහදේ...
සනසන්නම්, සැනසෙන්නම්සුදු මහත්තයව මතක් කරන් මනෝ ලෝකෙක තනි වෙලා හිටපු මම උඩ ගිහින් පියවි ලෝකෙට ආවේ කවුද කාමරේ දොරට තට්ටු කරන සද්දෙන්....
" දොර ඇරපන්කෝ හු#තෝ........"
" ඉඳපන් යකෝ බෙරිහන් නොදී........."
මං දොර ඇරපු ගමන් කාමරේට ළමයි පස් හය දෙනෙක්ම ආවා....
" මොකද උඹලා මේ රෑ ආවේ??"
" තාම දහයයිනේ යකෝ......"
" ඒ උනාට මේ පවුල් පන්සල් වලට කතා කරන වෙලාවනේ......."
" අනේ පලයං සසිනෝ යන්න...... උඹටයි නද්දටයි මොකෙක්වත් නෑ කියලා අපි දන්නවා......"
" ආන්න ආන්න......... ඔන්න සසීට නම් කමක් නෑ ...... මේ මට කෙල්ලෙක් නෑ කියලා උඹ හිතුවේ කොහොමද ??"
" ඇයි ඉන්නවද??"
" නෑ තමා ඉතිම් ............"
" කැ#යා........"
" රෙප් තුමා කියාන්කෝ ඉතිම් මහ රෑ යාමේ මේකට රිංගපු හේතුව??"
" උඹලා Science week ඉන්නවද බන්?? නද්දා ඉන්නවද??"
තිලින එහෙම අහපු පාර නද්දා බැලුවේ මං දිහා..... මං ලාවට නද්දා එක්ක හිනා උන නිසා නද්දා මගේ අදහස දැන ගත්තා ......
" ඉන්නවා බන්.........."
" සසින්??"
" ඉන්නවා..........."
ඇත්තටම science week එක ගැන කිව්වොත් ඒක සති එක හාමරක් පුරාවට Science section එකේන් තියන ක්‍රීඩා උත්සවයක්...... ක්‍රීඩා කිව්වට සාහිත්‍ය තරඟ , talent show වගෙත් තියෙනවා .......... 1st yr, 2nd yr, 3rd yr, 4th yr වෙන වෙනම තමා තරඟ කරන්නේ.....
YOU ARE READING
නුඹ සිඹින්නේ මගෙ සිත විතරද?
Romanceදුක සිතෙන්නේ අපටම පමණද තව සුසුම් වල උණුසුම මොකටද මට තියෙන්නෙ තනිකම තනියට ඔබ සිඹින්නෙ මගෙ සිත විතරද සසින් චාරුක