56

2.5K 169 3
                                        

අපි බාල්දි අරන් එළියට දුවනකොටම මෙනුල අයියලා අපිට තඩි හෝස් එකකින් නෑවිලා යන්නම වතුර ඇල්ලුවා.........

ඇත්තටම මට ඕනි උනේ දිනුග අයියව හොයාගන්න ..... මට එයාට ලොකුම ලොකු වතුර බාල්දියක් ගහන්න ආස හිතුනා.......

මේ වෙලාවේ මුලු කැම්පස් එකම හෙනම යුද පිටියක් වගේ එහෙන් මෙහාටයි මෙහෙන් එහාටයි වතුර ගහ ගන්නවා.........

රැග් එකක් උනත් ඇත්තටම මේක නම් මාර විනෝදයි..... කොල්ලො විතරක් නෙමේ කෙල්ලොත් පිල් බෙදන් සින්නොන්ව වතුර වලින් නාවනවා.....

මේ වෙනකොට නම් අපේ ඇගේ තිබ්බ කුණු වතුර හේදිලා ගිහින්.... ඒ තරම්ම අපි වතුර නෑවා......

" නද්දා දිනුග අයියලා කෝ??"

" ඒක තමා බන් මාත් හොයන්නේ මට නෙතිරු අයියට තඩි වතුර බාල්දියකින් නාවලා ඒ බාල්දියෙන්ම කෙලලා අරින්න ආසයි......"

" ඒ මොකද ඒ??"

" පොර මට දවස් දෙකක්ම රෑට මල් කඩමු කියලා හලෝ කියලා වචන දෙකෙන් බුදි...... දැන් මේ ටිකේ ඕකට මං ඔලුව කන නිසා මගෙන් කට්ටි පැන පැන ඉන්නේ....... දෙන්නම් අද....."

" යකෝ යකාගේ පවුල් ප්‍රශ්නනේ බොලාලට තියෙන්නේ...... ඔව්වා එච්චර ලොකු දේවල්යෑ......"

" ලොකුයි තමා යකූ.... ලොකු නැත්තේ මොකද?? එව්වා මේ යුද්ධ ප්‍රකාශ කරන්න ඕනි ප්‍රශ්න...... තොටත් තේරෙයි.... උඹේ සිහින කුමාර් එක්ක සෙට් උනාම......... ඔන්න ඕක කියලා දාපන්කෝ බන්........"

" උඹ නම් කියයි...... මට වචන ගිලෙනවා දිනුග අයියව දැක්කම..... අනික දැක්කනේ අද ගණන් ගන්නැතුව ගියා....... පුදුම ලොකුකමක්නේ ඒක.... එදා ඉඳලා එහෙම්මමයි......."

" ඒ උඹව අවුස්සන්න වෙන්නැති.... ඔන්න ඔහෙ ඕක අද කියලා දාමු...."

" බලමුකෝ...."

" උඹ නැකත් බල බල ඉඳපන්....."

" ඒ නද්දා........ සසින්....... අන්න දිනුග අයියලා අරහෙලු........"

" ඒ සසින් වරෙන් යන්න........ උන් දෙන්නව නාවමු......."

" හාකෝ........."

" මේකට තමා කියන්නේ සැමියා නෑවීම කියලා......"

" මොන සැමියෙක්ද?? අර උඹලගේ අල්ලපු වැටේ ආච්චිගේ බල්ලා නේ සැමී???"

නුඹ සිඹින්නේ මගෙ සිත විතරද?Where stories live. Discover now