39

2.6K 173 26
                                        

නදුන් pov

ඩෙල්ෆ් ආව වෙලේ ඉඳලා සසින්ගේ මූණ තිබ්බේ මැලවිලා...... මං දන්නවා චණ්ඩියා වගේ යමු කිව්වට දිනුග අයියව දකින ගානේ මුගෙ හිත අවුල් යනවා කියලා.........

හවස බාබකිව් එක හදන්න ඕනි කරන උදව් දීලා මං බීච් එක පැත්තට ගියේ සසින්ව හොයාගෙන... හැබැයි මං එතෙන්ට ගියේ වැරදි වෙලාවේ කියලා හිතුනේ එතන සසින් එක්ක එකට වාඩිවෙලා හිටපු නෙතිරු අයියව දැකලා......

මෙච්චර වෙලා සසින්ගේ මූණේ තිබ්බ දුක ...... අඳුරු ගතිය ...... නැතිවෙලා ගිහින් තිබුනා...... ඔයා විශ්වාස නොකෙරුවට සසින්... නෙතිරු අයියට විතරයි පුලුවන් ඔයාව ඔය විඳින දුකින් ගලවන්න......

මං ආපහු එන්න හැරුනේ... මට තවත් ඒක බලන් ඉන්න අමාරු නිසා..... මං දන්නවා සසින් කියන්නේ මගේ හොඳම යාලුවා...... ඒ වගේම තමා නෙතිරු අයියා මං දැක්ක perfectම පිරිමියා.... ඉතිම් සසින්ට නෙතිරු අයියා වගේ කෙනෙක් හම්බෙද්දි මං සතුටු වෙන්න එපැයි නේද????

ඒත් ඇයි දෙයියනේ මගේ හිත මෙච්චර රිදෙන්නේ.... මං හොඳ යාලුවෙක් නෙමේද??? මට නිකම් දැනෙන්නේ මගේ හිතේ පැත්තක් හිරි වැටිලා යනවා වගේ......

නදුන් බල්ලෝ..... සතුටු වෙයන් ඒ උඹේ යාලුවා..... අඬන්න එපා...... අඬන්න නම් එපා.........  උඹ උඹගැන හිතලා අඬන්න නම් ලෑස්ති වෙන්න එපා නදුන්........

මං මටම කියා ගත්තේ මේ වෙලේ අඬන එක නම් පොඩ්ඩක්වත් හොඳ දෙයක් නෙමේ නිසා...........

රෑ බාබකිව් පාටි එකටත් සසිනුයි නෙතිරු අයියයි එකටම ඇවිත් මං ගාව ඉඳ ගනිද්දි සත්තයි... සියවෙනි පාරටද කොහෙද මගේ හිත ආයෙත් බිඳුනා....

" නදුන් සින්දුවක් කියමු........"

" අනේ බෑ සඳුනෝ දැන් සින්දු මතක් වෙන්නෑ..........."

" එහෙම බෑ මල්ලි....... අද නම් සින්දුවක් අහන්නම ඕනි........."

" අනේ........"

මං සින්දු වලට කොච්චර ආස උනත් මේ වෙලේ මට සින්දු කියන්න තරම් මූඩ් එකක් තිබුන්නෑ.... අනික මට භයයි මට ඇඬෙයි කියලා..... මොකද මං දැන් ඉන්නේ ඇඟිල්ලක් වැදුනත් අඬන සසිස් එකේ.....

" අනේ.... පනේ හරියන්නෑ මෙතන..... ආවේ විනෝද වෙන්නනේ..... කියාන් මල්ලි සින්දුවක්........."

නුඹ සිඹින්නේ මගෙ සිත විතරද?Where stories live. Discover now