( සසින් pov )
Auditorium එකෙන් එළියට ආවාම තමා තේරුනේ හිතුවට වඩා හවස් වෙලා කියලා ....... මං ඉතිම් auditorium එකේ පැත්තෙන් තිබ්බ බයිසිකල් පාක් කරන තැනට වෙලා හිටියේ දිනුග අයියා එනකම් ..........
එළියට හෝල් එක අස්සේ දාන සින්දු හොඳට ඇහෙනවා..... ඇත්තටම හවසට Jaffna කියන්නේ මං ආස vibe එකක් ..... දවස තිස්සෙම හරිම සැර අව්වත් එක්ක කර වෙන Jaffna හවස් වෙද්දි නිමෙන්න පටන් ගන්නවා..... කහ පාට වගේ හවසට Jaffna වල ඇවිදිනවා කියන එක හරිම රෝමාන්තික දෙයක් ..... මේ වෙලාවට සෑහෙන්න කපල්ස් පාරට බැස්සොත් බලාගන්න පුලුවන් ..... ඒකයි ජැෆ්නා අනිත් පැති වලට වඩා වෙනස් වෙන්නේ.....
ආදරේ විඳින්න නම් ..... Jaffna වල හොඳම වෙලාව කුරුල්ලෝ ගෙවල් වලට යන වෙලාව.........
" මොනාද ඔච්චර කල්පනා කරන්නේ??"
මං මෙච්චර වෙලා අහස දිහා බලාගෙන හෙන මනෝ පාරක් ගහපු බව මට තේරුනේ දිනුග අයියා මට කතා කරාම.....
" අහ්..... එහෙම මුකුත් නෑ ....... අහස ලස්සනයි කියලා හිතුනා...."
" සසින් අහසට ආසද?"
ඇත්තටම අහස කියන්නේ මං මේ ලෝකේ දකින්න කැමතිම දේවල් වලින් එකක්..... මට පුලුවන් හැම වෙලාවකම අහසේ පිංතූරයක් ගන්න මං අමතක කරන්නෑ.... අහසේ ෆොටෝස් තියෙන ෆෝල්ඩරයක්ම මගේ ෆෝන් එකේ තියෙනවා .......
" හම්ම් ගොඩක් ..... ගොඩක්ම හවස අහසට......"
" ඒ ඇයි ?? "
" පාට ගොඩක්නේ......."
" ඒ කිව්වේ???"
" බලන්නකෝ...... කහපාට..... එතකොට අර හරිය ලාවට දම්පාටයි....... මේ ටික නිල්....... ලස්සනයි ...... පාට ගොඩක් .... හරියට චිත්රයක් වගේ........"
" මං නම් කැමති රෑ අහසට...."
" රෑ?? ඇයි??"
" මට හිතෙනවා රෑ අහස හරි නිෂ්ශබ්දයි කියලා .........."
" හම්ම්.... අයියා වැඩි සද්ද වලට කැමති නෑ නේද ?"
" හම්ම් ඔව්....."
හම් ඔව් මං වගේ ඝෝෂාකාරී ළමයෙක්ට කොහොමත් ඔයා කැමති වෙන්නෑනේ ...... මං ලොකු හුස්මක් පිට කරා......
" එන්න කිව්වේ??"
" ඇයි මට විෂ් කරන්න ඕනි නැද්ද ඔයාට ?"
YOU ARE READING
නුඹ සිඹින්නේ මගෙ සිත විතරද?
Romanceදුක සිතෙන්නේ අපටම පමණද තව සුසුම් වල උණුසුම මොකටද මට තියෙන්නෙ තනිකම තනියට ඔබ සිඹින්නෙ මගෙ සිත විතරද සසින් චාරුක