40

442 47 6
                                    

සසින් pov

" අම්මෝ දෙන්නගේ හිනාව"

මං පරක්කු වෙලා සින්දු කියපු තැනට ආපු නද්දයි නෙතිරු අයියයි දිහා කිණ්ඩියට බලන ගමන් කිව්වා...... නද්දගේ තොල් දෙකේ සයිස් එකට නම් නෙතිරු අයියා... මුගෙ කට කාලා කියලා..... හිච්චි ෂර්ලොක් හෝම්ස් වන මට නිගමනය කරන්න පුලුවන්.... තව පොඩ්ඩක් අවුස්සලා ගන්නෝනී....

" මොකද උඹ හිනා වෙන්නේ නද්දා?? උඹ මෙතනින් ගියපු විදියට මං හිතුවේ මාව ඉස්ටු දාලා සම්බෝලත් හදයි කියලා..."

" හැපි එන්ඩින් එකක් උන නිසා මං උඹව නිදොස් කොට නිදහස් කරා කියලා හිතා ගනින්....."

" අනේ ගොං උලමා.... මං තොට එක්ලක්ෂ පන්ස් වතාවක්ම කිව්වා නෙතිරු අයියා කැමති මට නෙමේ බොට කියලා..... තෝ මං කියන එකක් කනකට ගත්තයෑ......."

" හරි හරි.... ඉතිම්..... දන්නේ නැද්ද..... පොඩ්ඩ පොඩ්ඩ ඩාම් වෙනවා.... ඩූම් වෙනවා......"

" මොනාද දෙන්නා කතා කරන්නේ??"

" ආ නෙතිරු අයියේ මං නද්දගෙන් ඇහුවේ දැන් පාටි කවද්ද කියලා???"

" අහ්..... එහ්.......මොනාටද??"

" අන්න අන්න ඉතිම් වැඩේ පත්තු උනාම මට කොලේ වහනවනේ.... "

" මුකුත් උන්නෑ... නේද අයියේ??"

" ඒක.......මේ................"

" ආ ඇත්තද නද්දා?? එතකොට උඹේ ඔයා නාදලුවන් තොල් දෙක කොට්ටම්බ ඇට දෙකක් සයිස් උනේ බීච් එකේ බඹරු විදලද??"

" එහ්..... ඒක හොයන්න පුලුවන්ද??? "

" නැත්නම්......"

" අපි සසින්ටත් කෙනෙක් සෙට් උනාමම පාටියක් ගමු එකට.... නේද සුදූ??"

" අම්මට සිරි මේ ටිකට සුදූලූ..........."

" ඔව්.... එයාවත් ඔහොම තියලා බෑ කාගෙහරි ඇඟේ ගහන්න ඕනි...."

" හී......හී.........සෝක් විහිලුව......'

මගේ ඇස් නොදැනීම ගියේ දිනුග අයියගේ පැත්තට..... සත්තයි... ඒ ඇස් මං දිහා බලාගෙන....

ඔය ඇස් කිවන්න ඔච්චර අමාරු ඇයි අයියේ??

මට මතක් උනේ නෙතිරු අයියා ටිකකට කලින් කිව්ව කතාව.......

නුඹ සිඹින්නේ මගෙ සිත විතරද?Where stories live. Discover now