" දිනුග කොහෙද යන්නේ මෙහෙ එන්න පොඩ්ඩක්......"
මං උදේ ලෑස්ති උනේ සසින්ලගේ ගෙදර යන්න... මට නෙතිරු කතා කරලා කිව්වා සසින් අද නම් පොඩ්ඩක් කෑවා කියලා තූර්ෂ කිව්වා කියලා.... දේවල් කතා කරලා විසඳගන්න බලන්න කියලා ඌ කිව්වා කියලා......
" දිනුග මට ආයේ කියන්න තියන්න එපා..."
මං තාත්තා කියපු දේ ඇහෙන්නෑ වගේ එතනින් යන්න හැදුවේ.... තාත්තා එක්ක ඉඳන් හිටපු කට්ටිය දැක්ක නිසා.... ඒ හිටියේ වෙන කවුරුත් නෙමේ සමාධි... එක පාරක් මට සමාධි නිසා සසින්ව නැති වෙන්න ගියාට පස්සේ... මං සමාධි එක්ක කතා බහ කරන එක පවා නවත්තලා දැම්මා..... එයා ලෙඩින් බව මං දන්නවා... ඒත් එහෙමයි කියලා සසින්ව රිද්දන්න මට ඕනි උනේ නෑ.....
" මට ගමනක් යන්න තියෙනවා ..."
" ඒවා පස්සෙ යන්න.... දැන් කිව්වාම ඇවිත් මෙතනින් වාඩි වෙන්න...."
පිට මිනිස්සු ඉන්න තැනක ප්රශ්නයක් ඇද ගන්න ඕනේ නැති නිසා.... අකමැත්තෙන් උනත් මං ගිහින් එතනින් වාඩි උනා......
" පුතාට ඉතිම් අපි අඳුරන්නේ නැති අය නෙමේනේ..."
මං ලාවට සමාධිලගේ තාත්තා එක්ක හිනා උනේ මොනා නැතත්.... මේ අපේ තාත්තගේ හොඳම යාලුවා නිසා....
" දිනුග මෙයාලා ඇවිත් තියෙන්නේ යෝජනාවක් එක්ක..."
" යෝජනාවක් ???"
" ඔව් පුතා..... අපි කැමතියි... අපේ දුවයි පුතයි මැරි කරනවා නම්......."
" වට්....... අංකල්....... ඒක කවදාවත් වෙන්නෑ........"
" දිනුග......!!!"
" තාත්තා මොනාද මේ වෙන්නේ??"
" ඔයයි සමාධියි අඳුරන්නේ නැති මිනිස්සු නෙමේනේ පුතා.... අනික මට සමාධි කිව්වා කැම්පස් එකේදි උනත් ඔය දෙන්නා ගොඩක් ක්ලෝස්ලි ආශ්රය කරා කියලා.... පුතා දන්නවනේ අපේ දූගේ අසනීපේ.... ඉතිම් ඒකත් එක්ක මට විශ්වාසෙන් අපේ දූව දෙන්න පුලුවන් දිනුග පුතාට විතරයි......"
" අංකල් සමාධි අසනීප එක මගේ වැරැද්දක් නෙමෙනේ.... මං එයාව බලාගත්තේ අයියා කෙනෙක් විදිහට මිසක් මැරි කරන්න බලාපොරොත්තුවකින් නෙමෙයි...... "
YOU ARE READING
නුඹ සිඹින්නේ මගෙ සිත විතරද?
Romantizmදුක සිතෙන්නේ අපටම පමණද තව සුසුම් වල උණුසුම මොකටද මට තියෙන්නෙ තනිකම තනියට ඔබ සිඹින්නෙ මගෙ සිත විතරද සසින් චාරුක
