" සසින්ට එක අතක් හරි තියලා පෙන්නපන් සමාධි...... උඹට ඌව මරලා මාව අයිති කර ගන්න හිතුවොත් ඒක කවදාවත් සිද්ද වෙන්නෑ.... මොකද සසින් නැති ලෝකෙක මේ දිනුග එක විනාඩියක් හුස්ම ගන්නෑ....... තේරුනාද??"
" මං මොනාද නොකලේ දිනුග... ඇයි ඇයි??"
සමාධි අඬාගෙනම බිම ඉඳ ගත්තත් ඉස්සර දැනුන අනුකම්පාවවත් මට එයා ගැන දැන් දැනෙන්නෑ.......
" මං මේ හැමදේම කරේ ඔයාට ආදරේ නිසා දිනුග..... ගජාට කියලා සසින්ට කරදර කරේ මං..... ඔයාලගේ affair එක එලි කරන්න කිව්වේ මං....... ඔයාලට ඒ affair එක එපා වෙනකම්.... අපහස කෙරෙව්වේ මං......... ක්රිකට් ටීම් එකට ඔයාව එපා කෙරෙව්වේ මං..... එහෙම උනාම ඔයාට සසින්ව එපා වෙයි කියලා මම හිතුවා.... ඒත් ඒකෙන් උනේ ඔයා තවත් සසින්ට ලං උන එක... රෙප් කම නැති වෙද්දි.... ක්රිකට් ප්රැක්ටිස් නැති වෙද්දි.... ඔයා තව තවත් සසින්ට බැදුනා......... මං කොහොමද එහෙම මගේ ප්ලෑන් විනාස වෙනවා බලන් ඉන්නෙ........"
" තමුසේ මොකක්ද කරේ කියනවා...."
සමාධිගේ මූණේ තිබ්බ නක්කල් හිනාව එක්ක මට මහ අමුතු භයක් හිතට දැනුනා.....
" මං එයාට එදා රෑ කෝල් එකක් ගත්තා.... ඌ තාම ජීවිතේ අත නොඇරපු එකයි මට තියෙන පුදුමේ....."
මගේ අත් වෙව්ලද්දි..... නොදැනුවත්වම මගේ අත ගියේ සමාධිගේ බෙල්ලට.....
" මගේ මලට එක හීරීමක්වත් වෙලා තිබ්බොත්..... මේ අත් දෙකෙන්ම තමුසෙව මං වල දානවා සමාධි!!!"
" දිනුග සමාධිව අත අරිනවා....."
" පුතා.... මගේ දුව එයා අසනීපෙන් ....."
" මේකිව ජීවත් කරවන්න අදහසක් තියෙනවා නම්.... ආයේ මගේ ජීවිතේ අස්සට මේකිව ගේන්න එපා......"
මං බෙල්ලෙන්ම අල්ලන් සමාධිව එයාගෙ තාත්තගේ පැත්තට තල්ලු කරලා වාහනේ අරන් පුලුවන් තරම් ඈතට එලවන් ආවා.........
මගේ හදවත හයියෙන්ම ගැහෙනවා..... සසින්ට සසින්ට..... මොනාද සමාධි කිව්වේ.... මට මේ දැන් සසින්ව බලන්න ඕනි..........
" නෙතිරු......"
" කියපන් දිනුග........"
" තූර්ෂට කියපන් මට මේ දැන් සසින්ව බලන්න ඕනි කියලා....."
YOU ARE READING
නුඹ සිඹින්නේ මගෙ සිත විතරද?
Romanceදුක සිතෙන්නේ අපටම පමණද තව සුසුම් වල උණුසුම මොකටද මට තියෙන්නෙ තනිකම තනියට ඔබ සිඹින්නෙ මගෙ සිත විතරද සසින් චාරුක
