09

610 43 13
                                    

" අම්මෝ අම්මෝ බලපන්කො ඒ සීනියර් ජූනියර් ලව් එක......."

සැක් මේ මෙනුල අයියා හීනෙනුත් රිංගන් මක් කරනවද...... මීට වඩා සනීපයි රෑට කෑ ගහන මදුරුවෝ...

" උන් දෙන්නට ඉන්න දීපන් බන්....."

නෙතිරු අයියත් හීනෙට රිංගන්ද?? පොඩ්ඩක් ඉන්න ඇයි මට මේ අයව හීනෙන් පේන්නේ..... මං හිමීට ඇස් ඇරියාම මුලින්ම දැක්කේ මෙනුල අයියගෙයි.... නද්දගෙයි කුපාඩි හිනාව.....

පොඩ්ඩක් ඉන්න ........ මොකක්ද ඊයේ උනේ?? අම්මටසිරි අපි මේ නිදාගත්තේ අයියලගේ බෝඩිමක නේද???

ක්ෂණික නැගිටින්න හැදුවත් මට නිකම් ගිරේකට අහු උන පුවක් ගෙඩියක ෆීලින් එකක් ආවේ..... ඇයි යකෝ මට මේ අතපය හොල්ලන්න බැරි??

" ආ මල්ලි..... නැගිට්ටද...... හැකියාවක් තියෙනවා නම් ඔතනින් නැගිටලා වරෙන්.... මං උඹට චොක්ලට් බිස්කට් පැකට් එකක්ම දෙනවා සත්තයි ......"

මෙනුල අයියා එහෙම කියද්දි තමා මං මගේ එහා පැත්ත බැලුවේ.......

අම්මට සිරි ටින් කිරි කිව්වලු......... මට දැන්නේ මතක් උනේ ඊයේ නිදාගත්තේ දිනුග අයියා එක්ක නේද?? ඒ ඔක්කොම හරි දෙයියනේ ....... දිනුග අයියා මේ මාව බදාගෙන නේද???

අනේ මගේ හාට්ටුව...... නිකනුත් නෙමේ හරියට අර ගෑණු ළමයි නිදාගන්න ටෙඩියෙක්ව බදාගන්නවා වගේම බදාගෙන ..... දැන් අහන්න එපා ගෑණු කරන වැඩ දන්නේ කොහොමද කියලා ...... ඊට වඩා ප්‍රශ්නෙක මං මේ ඉන්නේ....

මං ආයෙම ඇස් දෙකත් පිහදලා බැලුවා දකින්නේ මිරිඟුවක්ද කියලා බලන්න .... නෑනේ ??? මේ උදේ පාන්දර මොන මිරිඟුද?? මං ආයේ නද්දා දිහත් බැලුවේ මං ඉන්නේ තාම හීනෙකද කියලා සැක හැර දැනගන්න......

" ඕකා ඔහොම තමා මල්ලි.... ඕකට බදාගන්න කොට්ටයක් නැතුව බෑ ...... ඊයේ උඹට නිදාගන්න දුන්නේ ඌ බදාගන්න කොට්ටෙනේ..... ඒ නිසා ඌ උඹව කොට්ටයක් කරන්......"

මෙනුල අයියට නම් හිනා..... බුදු අයියේ මාව මෙතනින් ගනින් නැත්නම් මට හදවත් සැත්කමක් කරන්න වෙයි.... හදවත ගැහෙන ගැහිල්ලට එලියට පැනලා......

කොච්චර දැඟලුවත් මේ මිනිහා මාව තවත් බදාගන්නවා මිසක් අත අරින පාටක් නෑ ..... වදින්නම් දිනුග අයියේ මාව අතෑරපන්.... අයියා හදන්නේ මේ නිදාගෙන ඉන්න ඒවා ඇහැරවල වැරැද්දක් කර ගන්න ......

නුඹ සිඹින්නේ මගෙ සිත විතරද?Where stories live. Discover now