12

576 42 13
                                    

කොහොම හරි මැච් එක දින්නේ ලෙක්චර්ස්ලා ........ ඕක ඉතිම් අපි කලින් ඉඳම දැනගෙන හිටියා.... ඒත් ඉතිම් අපේ කොල්ලෝ ටික හොඳට ප්ලේ කරා......

දිනුග අයියා කොහෙද දන්නෑ...... පව් මං හින්දා එයාට රිදෙන්න ඇති ...... ඒ නිසා තරහා යන්න ඇති ..... ඒකයි කෑ ගහන්න ඇත්තේ.......

මං මැච් එක ඉවර වෙලා වට පිට බලද්දි තමා දැක්කේ ග්‍රවුන්ඩ් එකේ ලොකු මාර ගහ යට තියෙන පඩි පෙලේ නෙතිරු අයියා දිනුග අයියට දාගෙන ක්‍රීම් ගානවා උරහිසට......

පව්...... ශික්........ මං නිසානේ මේ ඔක්කොම.......

මං නද්දටත් කියලා එලියට දුවලා ආවේ ග්‍රවුන්ඩ් එක ඉස්සරහ තියෙන පොඩි කඩෙන් අයිස් බෑග් එකක් ගන්න .....

ග්‍රවුන්ඩ් එක එහා පැත්තෙම ගෑණු ළමයින්ගේ හොස්ටල් තියෙන නිසා එයාලව ඇරලවන්න ඕනි උනේ නෑ අද..... ඒ නිසා මං අයිස් පැක් එකත් අරන් නද්දවත් ඇදන් ගියේ මාර ගහ දිහාවට....

ළඟට යන්නත් භයයි ....... ආයෙත් බැන්නොත් කියලා ..... මොකද මේ මූලග්ගිනි කාරයා කොයිවෙලෙත් පුප්පන් ඉන්න නිසා..... ඒ උනත් නොගිහිනුත් බෑ එයාට තුවාල උනේ මං නිසා හින්දා.......

" ඒ බන් මට බනියිද...."

" මට නෑ කියලා නම් ගැරන්ටි වෙන්න බෑ පුතෝ කෝකටත් කියලා සූදානම් ශරීරෙන් යං......"

" බැන්නත් කමක් නෑ මූ අයිස් පැක් එකෙන් මට කෙලලා අරියිද බන්?"

" මං හිතන්නෑ.... එහෙමනම් ඌ බෝලෙන්ම උඹට කන්න දෙනවනේ..... මැද්දට පනින්නෑනේ......."

" ඒ මට භයයි බන්......."

" උඹේ තියෙන පුරුස දෛර්‍ය ඔක්කොම දාලා පලයන්......."

" දාලා ගියාම කොහොමද මං කතා කරන්නේ??"

" බූරුවා...... දාලා යන්න බෑ නම් දෛර්‍ය අරන් හරි පලයන්......."

නද්දා හිමින් හිමින් මාව තල්ලු කරන් එතෙන්ටම ගියා.... මාව දැක්ක නිසාද කොහෙද උස්සන් හිටපු ටී ෂර්ට් එක දිනුග අයියා ඉක්මනින්ම පහළ දා ගත්තා .........

පුහ්....... අපි දැක්කා කියලා ගෙවෙයි ඕවා........ නෙතිරු අයියට නම් පෙන්නන් ඉන්නවා.... මං චුට්ටක් දැක්කොත් තමා වහගන්නේ......

නුඹ සිඹින්නේ මගෙ සිත විතරද?Where stories live. Discover now