34

502 49 20
                                    

"මුකුත් නෑ මේක ඉවර වෙලා පොඩ්ඩක් නවතිනවා මට කතා කරන්න තියෙනවා..."

දොදොල function එක පුරාම මගේ ඔලුවේ රැව් දුන්නේ ඒක.... මට ආයේ දිනුග අයියගේ මූණ දිහා බලන් කතා කරන්න පුලුවන් වෙයිද?? මට ඇඬුනොත් මං මොකද කරන්නේ??? කොහොමත් දැන් නම් මගේ හැඟීම් එයාට පෙන්නන්න මට බෑ......... මගේ හිතේ හැඟීම් කෝටියක් පොර කෑවේ... ඊළඟ මොකක්ද කරන්නේ කියලා හිතා ගන්න බැරුව......

" හරි හරි හැමෝම දැන් නටන්න එන්න...."

ඩොල්කියක් ගෙනාපු සීනියර් අයියා කෙනෙක් එහෙම කියද්දි හැමෝම ඒ පැත්තට ගියේ නටන්න....... ඉතිම් අපි හැමෝම එක එක සින්දු කිය කිය නැටුවා.....

මට ඉතිම් නටල අවුරුදු විස්සක විතර පලපුරුද්දක්ක තියෙනවා..... ආයේ තාල ඕන්නෑ ගැරඬියට භූමිතෙල් ගැහුවා වගේ නැටුවැකි....... කොටින්ම මට පුලුවන් වාහනේ එන්ජින් සද්දෙකට උනත් පිස්සෙක් වගේ නටන්න...... ඒකට කියන්නේ මේ බැරිකම කියලා නෙමේ.... සහජ දක්ෂතාවය කියලා... හුම්ම්..... ඔය රීඩක ජනතාවට තේරෙන්නේ නෑ ඒක......

ඊට පස්සේ හැමෝම කිව්වේ දිනුග අයියට සින්දුවක් කියන්න කියලා.... කොහොමත් ඒ කටහඬ භාවනාවක්.... ඉස්සර ස්කෝලෙදිත් මං හොරෙන් මියුසික් රූම් එක ගාවට ගිහින් දිනුග අයියා කියන සින්දු අහන් ඉන්නවා....
ඒ තරම් ඒක ඇබ්බැහියක්.......

ඉතිම් හැමෝම කිව්ව නිසාම දිනුග අයියා බෝඩිමේ තිබ්බ ගිටාර් එකත් අරන් සින්දුවක් කිව්වා...... මං ඒ සින්දුව වින්දේ ඇස් දෙකත් පියාගෙන... අනේ එයා මට මෙහෙම කියන දවසක් එනවා නම්........


සේපාලිකා මලයි
සුදු පාට මීදුමයි
හරි ලස්සනයි සුදුයි
ඇත්තටම ඔබ වගෙයි

සේපාලිකා මලයි
සුදු පාට මීදුමයි
හරි ලස්සනයි සුදුයි
ඇත්තටම ඔබ වගෙයි

මන්දාරමෙන් එහා
දෙව් දුවක් ඈති බලා
මට යන්න දෙන්න සියුමෑලියේ
සුවද සොය සොයා
මෙ රාත්‍රියම නිසන්සලයි
එත් ඔබ නිසා

නුඹ සිඹින්නේ මගෙ සිත විතරද?Where stories live. Discover now