අපේ කැම්පස් එකේ.... ගෑණු ළමයින්ගෙයි..... පිරිමි ළමයින්ගෙයි හොස්ටල් තියෙන්නේ වෙන වෙනම..... හැම ෆැකල්ටියකටම පළවෙනි අවුරුද්දේ විතරයි හොස්ටල් හම්බෙන්නේ........
Science එකේ පිරිමි ළමයි තැන් කීපයකම හිටියා.. කොන්ඩවිල් හොස්ටල් .... කලෙයිවානි හොස්ටල්... ඉනුවිල් හොස්ටල් ..... බාලසිංහම් හොස්ටල්...... ඔතනින් අපි හිටියේ ඉතිම් කොන්ඩවිල් හොස්ටල් එකේ...... මං හිතන්නේ පිරිමි ළමයින්ගේ හොස්ටල් වලින් ලොකුම එක ඒක.... ඒක ඉතිම් තනිකරම සුරපුරයක් ඈ... අවුලකට කියලා තිබ්බේ පොඩ්ඩක් දුරයි... අව්ව කාලෙට රස්නෙයි.... මොකද වටේටම තිබ්බේ වගාවල්.......
කොන්ඩවිල් හොස්ටල් එකේ පිරිමි ළමයිනුයි ගෑණු ළමයිනුයි දෙගොල්ලොම හිටියා..... චී........ චී... ඔන්න ඉතිම් ඔයාලගේ කැත හිත.... එකට ඉන්නවා කිව්වාම මොනාද ඔය හිතන්නේ ඈ???....... කරුණාකරලා ඔය අයාලේ යන හිත් නවත්ත ගන්න ඈ.........එකට ඉන්නවා කියන්නේ මේ.... බිල්ඩින් දෙකක..... අපේ කාමරේ කෙලින් පෙනුනේ ඔය ගෑණු ළමයින්ගේ හොස්ටල් එක තමා .........
ඔයාලට කියන්න ඒකෙත් ලල් එකක් තියෙනවා ..... මොකද අපේ කාමර කෙලින් ඉන්නේ ලෝ එකේ ගෑණු ළමයි ටික ...... අපි ඉන්නේ තට්ටු හතරක ගොඩ නැගිල්ලේ උඩම තට්ටුවේ..... රාජකීය 423 කාමරේ......... කෝ මොනාද මං කිය කිය හිටියේ.....??? ආ ලල් එක ගැන ....... ලෝ එකේ ගෑණු ළමයින් අපිට ෆ්රී ෂෝ දෙනවා...... ඔව් ඔව්... සූටි කොට සායවල් ඇදන්..... තට්ටු හතරක් උස බිල්ඩින් එකක...... බැල්කනියට වෙලා ඉන්නවා කියද්දී........ ම්ම්ම්ම් කොහොමද නේද වීව් එක???
YOU ARE READING
නුඹ සිඹින්නේ මගෙ සිත විතරද?
Romanceදුක සිතෙන්නේ අපටම පමණද තව සුසුම් වල උණුසුම මොකටද මට තියෙන්නෙ තනිකම තනියට ඔබ සිඹින්නෙ මගෙ සිත විතරද සසින් චාරුක