88

1.5K 89 8
                                        

" ම...මට...... සමාවෙන්න....... අයියේ.... මට ඕනි උනේ...... මං නිසා නැති උන ලෝකේ අයියට....... ආයේ හදලා දෙන්න....."

" සසින් කියන්නේ මගෙ මොන ලෝකේ ගැනද??"

" අයියගේ..... තත්වේ...... ක්‍රිකට්...... රෙප්...... දරුවෝ ....."

" ඉතිම් ඔය ඔක්කොම තිබිලා සසින් ඒ ලෝකේ නැති උනොත් මං සතුටින් ඉඳීද?? ම්ම්ම්??"

" අයියේ...."

" සසින් මේ අහන්නකෝ දරුවෝ...... මං කවදාහරි කියලා තියනවද සසින්ට මගේ හීනේ ක්‍රිකට් කියලා?? ම්ම්ම්.... නෑ නේද?? ක්‍රිකට් කියන්නේ මගේ විනෝදාංශයක් විතරයි සසින්.... මං සෙල්ලම් කරන හැටි දැකලා මාව ටීම් එකට ගත්‍තා මිසක්..... මං ටීම් එකට යන්න ඕනි නිසා සෙල්ලම් කරා නෙමෙයිනේ..... රෙප් කම උනත් මං ඉල්ලලා ගත්ත එකක් නෙමේ.... ඒක බැජ් එකේ ළමයි තීරණය කරලා මට දුන්න එකක්........ අනික කවුද කිව්වේ සසින්ටයි මටයි දරුවෝ හදන්න බෑ කියලා.... දැන් තාක්ෂණය දියුණුයි සසින්...... "

"................."

" සසින්.... අපේ ජීවිතේට.... සල්ලි.... ප්‍රශංසා.... කීර්තිය..... තනතුරු..... මේ ඕනි දෙයක් ඇවිත් ගිහෑකි...... ඒවා අද තියෙනවා හෙට නැති වෙනවා...... සසින්ගේ ජීවිතේ ඒ ඔක්කොටම උඩින් නෙමේද මම ඉන්නේ?? අන්න ඒ වගේ තමයි..... ඒ ඔක්කොටම උඩින් තමා සසිනුත් මගේ ජීවිතේ ඉන්නේ.... ඉතිම් ඒ ඔක්කොම ලැබිලත් ඒ ජීවිතේ ඇතුලේ සසින් නෑ කියන්නේ..... මං සතුටින් නෙමෙයි සසින්..... හැබැයි ඒ ඔක්කොම නැති වෙලත් සසින් මං ගාවින් ඉන්නවා කියන්නේ මං හරි සතුටින් බන්...... ඒක උඹට තේරෙනවද නැද්ද කියන්න මං දන්නේ නෑ........."

" තේරෙනවා මගේ.... අයියේ.... මට සමාවෙන්න........"

"මං ඒකට කමක් නෑ කිව්වොත් ඔයා ආයේ මගෙ වෙනවද සසින්?? ඔයාගේ පැත්තෙන් ඔයත් හරි... මගේ පැත්තෙන් මාත් හරි.... මෙතන කවුරුත් වැරදි නෑ... ඒත් සසින් මේකට තිබ්බ එකම උත්තරේ අත අරින එක නෙමෙයිනේ...."

" අයියේ..... "

සසින් කරේම දිනුගව හයියෙන් බදාගෙන අඬපු එක....... තමන් කොහොමද මේ මනුස්සයව රිද්දුවේ...කියන්න සසින්ට තාමත් හිතාගන්න බෑ..... තමන් දුර දිග නොහිතා ගත්ත මෝඩ තීරණ වලින් තව ටිකෙන් සසින්ට නැති වෙන්නේ.... සසින්ට ගොඩක් ආදරේ කරන මනුස්සයෙක්ව..........

නුඹ සිඹින්නේ මගෙ සිත විතරද?Where stories live. Discover now