සුවින්යා pov,
තාත්තලා නැති වෙලා අදට දවස් දහයක් වෙනවා...... හත් දවසේ දානෙත් ඉවර වෙලා.... මං එයාලගේ බඩු අස් කරේ.... එයාලගේ හීනයක් උන මේ ගෙදර පුංචි කැෆේ එකක් කරන්න..... එතකොට එයාලගේ මතක.... එයාලගේ ආදරේ සුවඳ.... මේ ගෙදර ඉතුරු වෙයි.........
පිරිමි දෙන්නෙක්ට ගෑණු ළමයෙක්ව උස්මහත් කරන එක ලේසි නෑ.... සමාජෙන් අහන්න පුලුවන් අප්රසන්නම කතාත් අහන් එයාලා මාව අද මේ ඉන්න තැනට ගෙනත් තියෙනවා..... අම්මයි තාත්තයි අත ඇරපු පවුලට අවාසනාව ගේනවා කිව්ව දරුවෙක්ව.... තමන්ගේ වගේ උස්මහත් කරන්න පුලුවන් ලස්සන හදවතක් තියෙන මිනිස්සුන්ට විතරයි........ මගේ ජීවිතේ ගොඩක් දෙනෙක් මගෙන් අහපු දේවල් තිබ්බා.... තාත්තලා දෙන්නෙක් ඉද්දි ලැජ්ජා නැද්ද?? අම්මෙක්ට දෙන්න පුලුවන් දේවල් තාත්තලාට දෙන්න පුලුවන් ද කියලා...... එත් මං ඕනි තැනක දිවුරනවා.. මං කවදාවත් සුදු අප්පච්චිගෙයි.... ලොකු අප්පච්චිගෙයි දරුවෙක් උන එකට පසු තැවෙන්නෑ..... ඒ දෙන්නගේ ආදරේ අඩුවක් නොතියෙද්දි.... මට මොකටද අම්මෙක්??
ලොකු අප්පච්ච්ගේ මේසේ තියෙන පොත් ටික අස් කරද්දි ඒක අස්සේන් පොඩි කලුපාට පොතක් මගේ කකුල් දෙක පාමුලට වැටුනා.......... මං මීට කලින් මේ පොත දැකලා නැති නිසා ඒක දිග ඇරලා බලන්න මට ආසාවක් ආවා.....
ඒක පෙරලද්දිම මුල් පිටුවේ තිබ්බේ වේලුන කනෙරු මල් පොකුරක්..... සෙලෝටේප් ගහලා ලස්සනට ඒක පරිස්සම් කරලා තිබ්බා..... තාමත් ඒ පොතෙන් ලාවට සුවඳක් එනවා.... හරියටම ඒ මල් ඉත්ත යට කවියක් තිබ්බා........
ඔයා දැන් මලක්....
කාලය යන ඉක්මන...
පොහොට්ටුවක් වෙලා මගේ දෙ අත් ඇතර රැදුන ඔයා .....
දැන් මලක් වෙලා පිපෙන්න පටන් අරගෙන ...
ලෝභයි මට උඹට පිපෙන්න දෙන්න...
මගේ කනෙරු මල....
සුවඳ දැනෙන දුරකින් පිපෙන්න..
එතකොට මට පුලුවන් උඹව රකින්න...
මං ඒ පොතේ පිටුවෙන් පිටුව පෙරලද්දි.... මගේ ඇස් වලට කඳුලු ඉනුවේ ඉබේමයි.........
......................................................
" දවසක්.... මං ලස්සන කොල්ලෙක්ව දැක්කා...... කොල්ලෙක්ට ලස්සනයි කියන එක අමුතුයි තමා.... ඒත් මට එයාව හරි ලස්සනට පෙනුනා..... එයා හිටියේ " සුනඛ ශාපය " කියන පොත කියවන ගමන්..... මගේ අතේ තිබ්බේ කේ ජයතිලකගේ "චන්ද්රලංකාර" පොත... ඒකේ පිදුමට තිබ්බේ... දැවෙන හදවතකින් අඳුරේ පෑඟුණ සියලු දෙනාට කියලා..... හරියට මගේ වගේ.... මං හිටියෙම අදුරේ.... ගෙදරින් ඇවිත් පොත් අස්සේ ගෙවපු කාලේ විතරයි මං සතුටෙන් හිටියේ... මගේම ෆැන්ටසියක් මවාගෙන මං ඒක ඇතුලේ තනි උනා... ඒත් එදා.. ඒ ලස්සන පිරිමි ළමයට පුලුවන් උනා... මාව මගේ ෆැන්ටසි ලෝකයෙන් රියැලටියට ගේන්න....... මං එයා ගැන හෙව්වා.... මං දන්නවා මට කෙල්ලෙක් ඉන්නවා කියලා.... ඒත් මොකක්දෝ නමක් නොදන්න බැඳීමකට මට ඒ ලස්සන පිරිමි ළමයව අඳුර ගන්න ඕනි උනා....... එයා සසින්.... සසින් චේනුක රාජපක්ෂ මට වඩා අවුරුද්දක් බාලයි...... ඉතිම් එදා ඉඳලා පොත් කියවන එකට අමතරව සසින්ව බලන්න එන එකත් මගේ ජීවිතේ සතුට කියන ලිස්ට් එකට වැටුනා.... ඒ එද්දි හොරෙන්.... මවුන්ටන් ඩිව් එකක් එයාගේ බෑග් එකට දාන එක මට පුරුද්දක් වෙලා තිබ්බා..... මං අවුරුද්දකට කිට්ටු කාලයක් එහෙම එයා දිහා දුරින් බලන් ඉඳලා තියෙනවා.... ඒත් එකපාරටම එයා ලයිබ්රි එන එක නැවැත්තුවා...... මට පිස්සු හැදුනේ නැති ටික විතරයි..... මාව නිවන ඒ රූපේ නැතුව මං පිස්සෙක් උනා... මං හොයලා බලද්දි තමා දැන ගත්තේ.... එයාගේ තාත්තා නැති වෙලා කියලා..... මට ඕනි උනා එයාව සනසන්න..... එයා ගාවට යන්න.... මං ඉන්නවා පැටියෝ ඔයාට කියන්න...... ඒත්....එත්........... මට ඒකට දෛර්යක් තිබ්බේ නෑ..... මං කොල්ලෙක්නේ..... ඉතිම් එයා මේ බැඳීම කොහොම පිළිගනීද කියලා මං භය උනා..... අනික මට බඳින්න කෙනෙක් ඉන්නවා.... මං කැමති නෑ වංචාකාරයෙක් වෙන්න...... ඒත් මට එයා දිහා දුරින් හරි බලන් ඉන්න ඕනි උනා...... දුරින් බලන් හිටියට වැරැද්දක් වෙන්නෑනේ....... ඒත් .... නොහිතපු විදිහට මට ආශිගෙන් බ්රේකප් වෙන්න උනා..... මොකද එයාට මං ඉද්දිම තව කෙනෙක් ඉඳලා.... එයාට වැරැද්දක් කියන්නත් බෑ.... මොකද ගෙදරින් කතා කරා මිසක් අපි දෙන්නා අතර ආදරයක් ගොඩ නැගිලා තිබුන්නෑ..... ඒත් මං හිතුවා එයා... මාත් එක්ක මං වෙනුවෙන් හරි ඉඳියි කියලා....... ඉතිම් මට ඒ හැමෝගෙන්ම ඈත් වෙලා මගේ හිත ගත්ත ඒ රූපේ හුස්ම වැදෙන මානේ ඉන්න ඕනි උනා...... මට සැනසීමක් දැනෙන්නේ ඒ ඇස් මානේ කියලා මට තේරිලා තිබ්බා...... අපේ ගෙදරින් මට තව ප්රපෝසල් එද්දි...... මං තාත්තයි අම්මයි ළඟ වැඳලා ඉල්ලුවා.... මං එයාලට ඕනි තැනට ආවොත්.... මට මං කැමති කෙනාව බඳින්න දෙන්න කියලා.... ඉතිම් මට සසින් හිටපු ස්කෝලෙට යන්න පුලුවන් උනා..... ඒ ස්කෝලෙදි මට හම්බුන යාලුවා තමා නෙතිරු..... නෙතිරුට හොඳට මාව තේරුම් ගන්න පුලුවන් උනා...... මොකද ඒ වෙද්දි නෙතිරුත් සසින්ගේ යාලුවට හිතින් ආදරේ කරන නිසා....... හැමදාම දුරින් ඒ ලස්සන පුංචි කොල්ලා දිහා බලලා මං සැනසුනා...... මට පෙනුනෙම එයාව හරි ලස්සන රෝස පාට මලක් වගේ....... සුවඳ...... රොස?? නැහ් ඒ මලේ නටුවේ කටු තියෙනවා... මගේ සසින්.... එහෙම නෑ..... ම්ම්ම්..... කනෙරු?? ඔව්.... රෝස පාට කනෙරු මලක්..... කොච්චර පෑව්වත්..... මල් පිපෙන.... කනෙරු මලක්........ නෙතිරු මාර්ගෙන් මං පුලුවන් විදිහට සසින්ගේ වැඩ වලට උදව් කරා.... මං විශ්වාසයි එයා තාම දන්නේ නෑ..... එයා පන්තියට එන්න කලින් මං එයාගේ ඩෙස්ක් එක පිහදානවා කියලා...., දවසක් ගෑස් හැදිල වමනේ කරපු එයාගේ වමනේ ඇද්දෙ මං කියලා, මීට් එකේදි වැටිලා තුවාල උනාම එයාව සික් රූම් ගෙනියන්න කියලා ළමයි එව්වෙ මං කියලා, ස්කූල් ටයි එක අමතක උනාම මගේ ටයි එක නෙතිරු අතේ එව්වා කියලා, වැස්සෙ ගෙදර දුවන දවසට බේත් මල්ලක් ස්තෝප්පුවට විසික් කරන්නේ මං කියලා, එයා ආට් කම්පෙටිෂන් වලට ගියාම ඉවර වෙනකම්ම එයාව පේන මානේ මං හිටියා කියලා.., හවස ක්ලාස් තියෙද්දි එයාට හොරෙන් එයාගේ පිටිපස්සෙන් ආවා කියලා, එයා සීසන් එක නැති කර ගත්තාම ඒ මාසෙ ඉවර වෙනකම්ම මේසේ යටින් බස් එකේ යන්න සල්ලි තිබ්බෙ මම කියලා.... මට විශ්වාසයි එයා මේ කිසි දෙයක් දන්නෙ නැ..... දැන ගන්න ඕනිත් නෑ.......
YOU ARE READING
නුඹ සිඹින්නේ මගෙ සිත විතරද?
Romanceදුක සිතෙන්නේ අපටම පමණද තව සුසුම් වල උණුසුම මොකටද මට තියෙන්නෙ තනිකම තනියට ඔබ සිඹින්නෙ මගෙ සිත විතරද සසින් චාරුක
