67

2.1K 131 6
                                        

“ සසින් ආසද අච්චාරු කන්න??”

“ හම්ම්........ ඔව් ගොඩක්.......”

හතර දෙනා හිටියේ නුවර වැව වටේ තියෙන් වළාකුලු බැම්මට හේත්තු වෙලා.... ඇත්තටම දිනුග කියන්නේ වැඩියේ ඇඹුල් ජාති වලට කැමති මනුස්සයෙක් නෙමේ.... ඒත් සසින් ඒකේ අන්ති පැත්ත... සසින් අච්චාරු වලට පුදුමතරම් ආසයි.... නුවර ඇවිත් දළදා මාලිගාවට යන්න තියෙන ප්‍රධාන ගේට්ටුවට එහා පැත්තේ තියෙන අච්චාරු කරත්ත වලින් මික්ස් අච්චාරු කප් එකක් කෑවේ නැත්නම් නුවර ආපු එකෙනුත් වැඩක් නෑ කියලා තමා සසින් නම් කියන්නේ......

“ ඔයාටත් ඕනිද??”

තමන් අරන් දුන්නු අච්චාරු එක එයාගේ වගේ කන සසින්ව දැක්කම දිනුග අයියට හිනා ගියේ ඉබේමයි............

“ මස්සිනා දන්නවද??? ඉස්සර මස්සිනා බලන්නෙවත් නෑ කියලා සසින් දුකට කෑවේ අච්චාරු තමා.......... මූ අච්චාරු කන කෑමට වෙලාවකට මට භයත් හිතෙනවා මූ බඩ වෙලාදෝ කියලත්........”

“ නදුන්....”

“ මෙයා මං බැලුවේ නෑ කියලා ඇඬුවද??”

“ මස්සිනාට කියන්න........ එක දවසක්..........”

“ සුනඛයෝ..... ඕක නවත්තපන්................”

“ අනේ..... අනේ........ උඹ බුදුන් වැඳලා ඇවිත් මට සුනඛයා කියලත් කියනවද?”

“ ඒක තමා සුනඛයා කිව්වේ..... බල්ලා නොකියා...........”

‘ දෙකම එකනේ...........”

“ සුනඛයා කිව්ව්ට පව් නැ.......... බල්ලා කිව්වොත් තමා පව්........”

“ මෙහ් දිනුග උඹට ෂුවර්ද අපි මුන් දෙන්නව බඳින්න ඕනි කියලා?? ඩේ කෙයා එකක් දා ගත්තා නම් මීට වඩා හොඳයි කියලා හිතෙනවා මට....”

සසින්ගෙයි.... නදුන්ගෙයි.... රණ්ඩුව දිහා බලන් හිනා වෙන දිනුග ගාවට ඇවිත් නෙතිරු කිව්වේ.... දෙන්නව එකට තිබ්බාම ආම්බාම් කරන්න හරිම අමාරුයි කියලා මේ ටිකට නෙතිරුට තේරුන නිසා......

“ ම්ම්ම්ම්........ බඳින්නම වෙනවා...........”

“එහෙමනම් මං පේදුරුතුඩුවෙන් ඉඩමක් ගන්නම් උඹ දෙවුන්දර තුඩුවෙන් ඉඩමක් ගනින්........... මොකද එක මායිමේ හිටියොත් අපිට හුළං මුන් දෙන්නා ලව් කරන්න ගියාම..........”

නුඹ සිඹින්නේ මගෙ සිත විතරද?Where stories live. Discover now