10

579 36 9
                                    

ඊයේ රෑ වෙනකම් තොරණ ගහලා... අදත් උදේම ඇවිත් practicle කරනවා කියන්නේ ඉතිම් එපා වෙන දෙයක් .... ඔක්කෝටම හපන් මට මේ එන නිදිමත.... සික් අදම practicle තියන්න ඕනි උනානේ......

කොහොම හරි 11 වෙනකම් අමාරුවෙන් ඇස් ඇරන් practicle ටික ඉවර කරගෙන අපි හැදුවේ හොස්ටල් එකට ගිහින් පෙරහැරට කලින් පොඩ්ඩක් නිදාගන්න ......

" මෙහ් හවස එනවා නේද??"

තෙයුරි අහද්දි මං ඔලුව වැනුවේ අපි නෑවිත් කොහොමද කියන්න වගේ...

" ඒත් ගොඩක් අය ගෙදර යනවා කිව්වා අද... උදෙත් ගොඩක් අය හිටියේ නෑනේ ..... "

අයුමි කිව්වාම තමා මීටර් උනේ ඉදේ practicle එකෙත් කට්ටිය අඩුයි කියලා ......

" පැන්නා වගේ නෙමේ ..... attendence බලද්දි තමා ඕකුන්ට තේරෙන්නේ ......"

" මේ උඹලා පනින්නෑනේ??"

" මොනාද අනේ අහන්නේ..... අපේ අයියා මට යන්න දෙයිද යන්න ඕනි උනත්....."

" අම්මට ඔව්නේ ........ රෙප් තුමාගේ නංගි පැන්නොත් අවුල්නේ........"

ඔව්නේ ..... තෙයුරියා පැන්නොත් දිනුග අයියගේ කාඩ් කුඩුනේ..... ඒ කියන්නේ ඉතිම් අයුමි යන්නෙත් නෑ කොහොමත් .... ඕකිට තෙයුරිව මෙහෙ දාලා ගිහින් බත් කන්න හිතෙන්නෑනේ.... වෙලාවකට හිතෙනවා මුන් දෙන්නගේ මොකක් හරි හුටස් පටස් එකක් තියෙනවා ද කියලත්...... කමක් නෑ මගේ නෑනා පොඩ්ඩනේ.... එකෙන්ම සපෝර්ට් කරන්න ඕනි.... ඒත් ඉතිම් පව් මේ අහිංසක තෙයුරි ..... යක්ස අයුමිගේ කරච්චලේ අහන් ඉන්න එපැයි ...... එක්කො වෙඩින් ගිෆ්ට් එකට ඇබ දෙකක් දෙන්න ඕනි......

" මොකක්ද උඹ ගල් ගිලපු උගුඬුවා වගේ කල්පනා කරන්නේ??"

" නෑ මං මේ කල්පනා කරේ තෙයුරි අයුමිව බැන්දොත් වෙඩින් ගිෆ්ට් එකක් විදිහට කන් ඇබ දෙකක් දෙන්නද කියලා ......."

" තොට මං ......"

" ආව්.....නද්දා....... මේකි මාව මරනවා..... බේර ගනින්............"

" උඹ පෙරල ගත්ත බාල්දි ඕවා මං යනවා ......"

ඉදකින් පාප මිත්‍රයා මාව දාලා දිව්වා නේද?? අයුමිව පුලුවන් තරම් ට්‍රයි කරලා තෙයුරිගේ ඇඟට තල්ලු කරලා මාත් නද්දා පස්සෙන් දිව්වෙ දැන් අහු උනොත් නම් අයුමි මාව පොල් සම්බෝල කරන නිසා ....

නුඹ සිඹින්නේ මගෙ සිත විතරද?Where stories live. Discover now