17

578 44 17
                                    

" කනෙරු මල???"

මගේ හිතේ පහුවදා දවසෙමත් වැඩ කරේ දිනුග අයියා ස්ටේටස් දාලා තිබ්බ නිසදැස......

කාටද යකෝ ඒක දාලා තිබ්බේ...... මූට මට හොරෙන් කෙල්ලෙක්වත් ඉන්නවද දන්නෑ.......... මරනවා එහෙම උනොත් නම් සෙද්ද.........

එදා දවසෙම මට දිනුග අයියව ලොකුවට නෝට් නොවුනේ ක්‍රිකට් මැච් වල final තිබ්බ නිසා..... කොහොම හරි අන්තිමට දිනුග අයියලා තමා ක්‍රිකට් මැච් වලින් පළවෙනියෝ උනේ.......

" සසින් උඹ කැරම් ගහනවනේ........"

" ආ ඔව් බන්...."

" තනිද නැත්නම් ?"

" ඔව් ඒකල එකට දාපන්....."

" හරි බන් හෙට දවල් තියෙන්නේ උඹට ඕනි නම් ස්ටේඩියම් එකට ගිහින් පුරුදු උනෑකි ......"

" ආ හරි බන්........."

කලින් කිව්වත් වගේ මට ඇඟ මහන්සි කරන  ක්‍රීඩා කරන්න බැරි නිසා මං මේ පාර කැරම් වලට යන්න හිතුවා..... ඇත්තටම මටත් ඕනි වෙලා තිබ්බේ මොනාගෙන් හරි දායක වෙන්න science week එකට......

" ෆස්ට් ඉයර් හැමෝටම සීනියර්ස්ලා මාර ගහ යටට එන්න කිව්වා......."

" අදත් මොකක් හරි වැරැද්දක්ද දන්නෑ...."

මං දඟයා කියන විදිහටම නද්දට කිව්වා.....

" ඒ වගෙයි පුතේ........"

මොකද සාමාන්‍ය ඔහොම එන්න කියන්නේ මොකක් හරි බාල්දියක් පෙරලන්න තමයි.......

කිව්වා වගේම විනාඩි 5ක් ඇතුලත අපේ ෆස්ට් ඉයර් හැමෝම ග්‍රවුන්ඩ් එකේ කෙලවරේ තියෙන ලොකු මාර ගහ යටට එකතු උනා.....

කිව්වා වගේම විනාඩි 5ක් ඇතුලත අපේ ෆස්ට් ඉයර් හැමෝම ග්‍රවුන්ඩ් එකේ කෙලවරේ තියෙන ලොකු මාර ගහ යටට එකතු උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( ඔය ප්ලේස් එක ඈ මට වෙන පොටෝ එකක් හොයාගන්න බැරි උනා....)

" හරි ආයේ ක්‍රීඩා තියෙන්නේ හවසටනේ එතකම් අපි ටිකක් උඹලව ආස්‍රය කරන්න හිතුවා......"

නුඹ සිඹින්නේ මගෙ සිත විතරද?Where stories live. Discover now