18

508 36 5
                                    

අද කැරම් මැච් නිසා මට වැඩිපුර පිට්ටනියේ ඉන්න උනේ නෑ ......... උදේ පොඩි ටෙස්ට් මැච් පාරක් ගිහින් .... දවල් තමා තරඟ පටන් ගත්තේ.......

අද දවසටම දිනුග අයියව දකින්නෙත් නැතුව නිකම් මොකක්ද මොකක්ද වගේ.........

" උඹේ වටේ කීයටද බන්??"

" තව දෙකකින් පස්සේ........"

" අඩේ සසිනා දිනලා වරෙන් ඈ........... මං උඹට මගේ ගානේ හාච්චියක් දෙනවා......."

" ඊට වඩා හොඳයි උඹ මට තාච්චියකින් ඔලුවට ගැහුවා නම් ........"

“ උඹලටත් ඉතිම් අපි දෙන ඒවාගේ අගයක් නෑනේ..... නිකම් දෙන නිසානේ මේ ඔක්කොම.....”

‘ අනෝව් මගේ හොර කෑල්ල......”

කන්ඩායම් තරඟ තිබ්බට පස්සේ තමා අපේ ඒකල තරඟ තියන්න තිබ්බේ ඉතිම් මං කණ්ඩායම් තරඟ ඉවර වෙනකම් ස්ටේඩියම් එකට වෙලා ඉඳගෙන හිටියා...

“ සසින් කියන්නේ ඔයාද?”

“ ඔව්...... ඇයි මචං....”

මං ඒ ආපු කොල්ලට මචං කිව්වේ තට්ටේ ගාලා කොලර් තියෙන ටී ශර්ට් එකට බොටම ඇඳලා හිටපු නිසා අපේ බැජ් එකේ කෙනෙක් වෙන්න ඇති කියලා හිතලා....

“ මේක උබට දෙන්න කිව්වා.......”

එහෙම කියලා ඒ ලමයා මට දිග් කරේ යෝගට් පානයක්....... ඇත්තටම යෝගට් පාන වලටයි මටයි තියෙන්නේ ආත්මීය බැඳීමක්.... මට ඉතිම් යෝගට් පානයක් බිව්වම ඒක කෑම වේලකට සමාන වෙනවා....... කැම්පස් යද්දි උනත් මං බොහෝ වෙලාවට උදේ කෑම වේල වෙනුවට ගන්නේ යෝගට් පානයක්.... මං බොන්න ආසම කොත්මලේ එකේ අඹ එක හරි මික්ස් බෙරි එක හරි...... ඉතිම් ඒ ලමයා මට ගෙනත් දිග් කරේම කොත්මලේ අඹ යෝගට් පානයක්.... ඒ නිසාමයි මං ඒ ලමයා දිහා පුදුමෙන් වගේ බැලුවේ.......

“ කවුද?”

“ දන්නවනේ මචං අපිට පාවලා දෙන්න තහනම්නේ....”

එහෙම කියලා ඒ ලමයා එතනින් ගියා.... මං මොකක්ද මේ කියලා පොඩ්ඩක් කරකවලා බලද්දියි දැක්කේ බෝතලේ එක්ක අමුණලා තිබ්බ නෝට් එක.....

 මං මොකක්ද මේ කියලා පොඩ්ඩක් කරකවලා බලද්දියි දැක්කේ බෝතලේ එක්ක අමුණලා තිබ්බ නෝට් එක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
නුඹ සිඹින්නේ මගෙ සිත විතරද?Where stories live. Discover now