76

1.3K 91 11
                                        

දිනුගයි සසිනුයි හිටියේ ග්‍රවුන්ඩ් එකේ තියෙන මාර ගහ යට තියෙන පඩිපෙලේ ඉඳගෙන...... සසින්ගේ එක අතක් හැමදාම වගේ තිබ්බේ දිනුගගේ පපුවට තුරුල් වෙලා.........

සසින් මේ වෙලේ මොන තත්වේ හිටියත් දිනුග හිටියේ හිනා වෙලා..... ප්‍රශ්නයක් ගෑවිලාවත් නෑ ඒ මූණේ..... ඒත් සසින් මේ වෙලේ හිටියේ ගිණි ගොඩක් මැද්දේ.... තමන් නිසා දිනුග ගොඩ නගා ගත්ත හැම දේම විනාශ වෙලා යන හැටි.... සසින් අත් විඳින ගමන් හිටියේ.....

කිසිම දෙයක් දැනෙන්නෑ වගේ ඔහොම ඉන්නේ කොහොමද අයියේ?? එක්කෝ මට බනින්න .... මේ ඔක්කොම මං නිසා කියලා කියන්න..... එතකොට මේ දැනෙන දුක මට පොඩ්ඩක් හරි අඩු වෙයි......

ඊයේ ආපු කෝල් එකෙන් පස්සේ... සසින් ලොකු තීරණයක් අරන් තිබ්බා.......

සසින්ගේ හිත කොච්චර කෑ ගැහුවත් මේ වෙලේ මුලු පරිසරේම තිබ්බේ නිහඬ වෙලා.... හරියට අර කුණාටුවකට කලින් මුලු පරිසරේම නිහඬ වෙනවා වගේ හැඟීමක් එතන තිබ්බේ..... මේ නිහඬ පරිසරයට සසින් පොඩ්ඩක්වත් ආස කරේ නෑ..... ඒක සසින්ට ගෙනාවේ පීඩනයක්......

" අයියේ............. "

" ම්ම්ම්................"

අන්තීමේදි සසින් කතා කරන්න තීරණය කරනවා...... සසින් මේ අවස්ථාවට කොච්චර ලෑස්ති වෙලා ආවත් දිනුග අයියගේ මූණ දකිද්දි සසින්ගේ වචන ගොලු වෙනවා......

" මට අයියට කියන්න දෙයක් තියෙනවා...."

" කියන්න බලන්න......."

වෙච්ච සේරමත් එක්ක සසින් අන්තිමට තීරණයක් ගන්නවා..... ඒ සසිනුයි දිනුගයි මෙච්චර දුර ගෙවාගෙන ආපූ ගමනට තිත තියන්න...... දිනුගට ආපහු එයාගේ ලෝකේ හදලා දෙන්න.......

" අපි දෙන්නා මේ සම්බන්දේ මෙතනින් නවත්තමු........"

කිසිම හැඟීමක් නැතුව සසින් ඒක කිව්වත්..... සසින්ගේ අත් වෙව්ලනවා සසින්ටම දැනුනා.... ඒක කිව්ව තරම් ලේසියට සසින්ට ඒ තීරණේ ගන්න ලේසි උනේ නෑ.......

සසින් ඒ වාක්‍ය කිව්වට පස්සේ ගෙවුනේ හරිම නිහඬ තත්පර කීපයක්.... සසින්ගේ ජීවිතේ ගෙවාගන්න අමාරුම තත්පර කීපය ඒ වෙලේ එහෙම ගෙවුනා....... ඒ තත්පරෙන් තප්පරේ සසින්ගේ අත දිනුගගේ අතට තව තවත් තද වෙනවා සසින්ට තේරුනා......

නුඹ සිඹින්නේ මගෙ සිත විතරද?Where stories live. Discover now